BED SHEET DESIGNS

BED SHEET DESIGNS
ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක ඇද අතිරිලිලක් සදහා මෙය ක්ලික්කරන්න

Tuesday, June 30, 2015

පැනඩෝල් සහ බෝධි පූජා,සෙත් කවි

පැනඩෝල් සහ බෝධි පූජා,සෙත් කවි
ඔබගේ හදහන බලව ගන්න ජ්‍යොතිර් වේදියා සමහර විට බොහෝ ප්‍රසිද්ධ නිසා ඔබ තෝරාගෙන ඇති. ඔහු ඉතා දක්ෂ පුද්ගලයෙක් කියා ඔබ සිතනු ඇත. සමහර විට ඔහු ගේ හැකියාවන් ගැන තවත් අය සමග කතා කරනවාත් ඇත.
උදාහරණයක් - හදහන බලපු පුද්ගලයා හරිම දක්ෂයෙක් ඔහු  හදහන අයිති කරුගේ ගති ලක්ෂණත් හරියටම බලාගෙන සිටියා වගේ කිව්වා. කේක්දරය දැකපු ගමන් මේ දවස්වල හරිම බාදක මැද තමයි ජීවත් වන්නෙ.ජීවිතය අනූනමයෙන් තමයි බේරිලා තියෙන්නෙ. වටෙටම ඉන්නෙ හතුරො............................. ආදී වශයෙන් හදහන දිහා බලාගෙනම හරියට පේනයක් කියනවා වගේ කිවුවනේ...... මේ තත්වයෙන් මිදෙන්න ඔනනම් හොද සෙත්කවියක් හදල ...........දෙවියන්ට කියන්න. බෝධි පූජා කරන්න. බලු කපුටු දානයක් දෙන්න............................ ආදී වශයෙන් අපල වලින් මිදීමට පිළිවෙත් ක්‍රමත් ඔබට දී ඇති නේද? ගොඩාක් අපල නිසා ගොඩාක් දෙවල් කරන්න.බොහෝ අය එතනට තමයි එන්නේ . මේ වැඩ කරන්න සල්ලී ගොඩක් ගියා............ මේ ආදී වශයෙන් අදාල ජ්‍යොතීර් වේදියා පිළිබදව කියලා ඇති නේද?
ජ්‍යෝතිෂය යනු බුදු හාමුදුරුවන් ඉපදීමටත් බොහෝ කලකට පෙර සිටම පැවත එන දෙයක්. ලංකාව තුල මේ ජ්‍යොතිෂ ක්‍රමය සිංහල බෞද්ධයන්ට ප්‍රචලිත කිරීමට මුල් වූයේ හාමුදුරුවරු හා වෙද මහත්වරුයි. එයට හේතුව තමයි ජ්‍යෙතිෂය ලියවී ඇති ග්‍රන්ථ තිබුනේ සංස්කෘත භෂාවෙන් හා පාලි ආදී ඉන්දියාවෙ බාවිතා වූ භාෂා මුලින්ම ඉගන ගත් අය මේ අය නිසයි. හින්දු ආගම මේ ජ්‍යෝතීෂය අතර ඉතා තද සම්බන්දයක් ඇත.සංස්කෘත භාෂවෙන් ලියවුණු මේ පොත් හැදෑරූ ස්විමීන් වහන්සේලා ග්‍රහ අපල සදහා හින්දු ආගමේ වත් පිළිවෙත් වෙනුවට බුද්ධාගම හා බැදුණු වත්පිළිවෙත් වලට මිනිසුන් හුරු කරන ලදී. එයට හේතුව මිනිසුන් හින්දු ආගමේ ඇති වත් පිළි වෙත් වලින් මුදාගැනීම සදහයි.
නමුත් ග්‍රහ අපල සදහා කළයුතු සැබෑ ශාන්ති කර්ම කරගැනීම සදහා අපේ නායකකාරාදීන් හා මුදල් යහමින් ඇති අය ප්‍රසිද්ධියේ හා හොර රහසේ ඉන්දියාවේ තිරුපති ගිහින් කරගන්නේ මේ ග්‍රහ අපල සදහා කිරීමට අවශ්‍ය සැබෑ ප්‍රථිකර්මයන්ය.
අපි දැනට කරන බෝධි පූජා හොද නැතුවා නොවේ වැඩයට අවශ්‍ය හොදම එකද එය නොවේ. උදාහරණයක් විදියට අපි අසනීපයක් හැදුනු විට අපි මුලින්ම කරන්නේ පැනඩෝල් බොන එකනේ.එයින් සහනයක් නොතිබේනම් අපි වෛද්‍ය ප්‍රතිකාර අනුව වෙනත්. ඖෂද වර්ග පාවිච්චි කර රෝගය සුවකර ගනී. පැනඩෝල් වලින් අප බලාපොරොත්තු වන්නේ ක්ෂනික සහනයකි. රෝගය නිට්ටාවට සුව නොවේ. බෝධි පූජා, සෙත් කවි, කිරීමෙන් මෙන්න මේ පැනඩෝල් වලින් අපට කෙරෙන කාර්යයට සමාන දෙයක් සිදු වේ. එනම් ක්ෂනික විසදුමක් ලැබේ. සැබෑ සහනයක් ලබා ගැනීමටනම් අර වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබාන්නවා වගේ ග්‍රහ අපල සදහාද සැබෑ ක්‍රමවේදයන් බාවිතා කළ යුතුය.
මේ සදහා ඔබගේ හදහන විවිධ මානයන් ඔස්සේ පරීක්ෂා කළ යුතුය. මේ සදහා ගනනය කිරීම් රාශියක් කළ යුකුයි. මේ සදහා සෑහෙන කාලයක් යන දෙයකි.එසේ කිරීමෙන් ලබාගන්නා අවසන් නිගමනය අනුව හරියටම රෝගය හදුනා ගත යුතුයි. මෙය හදහන දිහා බලා ගෙන කීමට කිසිසේත් නොහැකි දෙයකි.
හදහනක් පරීක්ෂා කිරීමෙදී ප්‍රථමයෙන්ම එම හදහන වාර චක්‍ර දෝෂයන් සහිත හදහනක්ද කියා බැලිය යුතුය. ඒ වගේම ප්‍රථමයෙන්ම කාල සර්ප යෝග ,දේව ශාප,බාධක,ශාප, මරණ කාරක..... ආදී වශයෙන් වෙන්වෙන් වශයෙන් පරීක්ෂා කර බැලිය යුතු වේ.
වාර චක්‍ර දෝෂ වලට පිළියම් වශයෙත් එම දෝශ ඇතිකරන ග්‍රහයින්ට අදාල උපාය ග්‍රහයින් ශාන්ත කළ යුතු වේ.
එනම් එම ග්‍රහයින්ට අදාල දේවත්වයන් ට නමස්කාර කළ යුතුයත
උදාහරණයක් වශයෙන් - වාරචක්‍ර දෝශ යට අදාල ග්‍රහයින් ගේ උපාය ග්‍රහයා රාහුනම් - තමසි(දුර්ගා)ට නමස්කාර කළ යුතුයි.
දුර්ගාට නමස්කාර කිරීමේදී අගහරුවාදා දිනක රාහු කාලයේ පහනක් තබා අදාල ප්‍රාර්තනය කළ යුතුය.
දුර්ගාට පහනක් තැබීමේ දී දෙහි බාගයක් කණපිට හරවා ගිතෙල් දමා නිරිත දිශාවට දල්වා ප්‍රාර්තනය කරන්න. මෙය දක්ෂ ජ්‍යෝතිෂ වේදියෙකුගේ උපදෙස් මත ඔබට තනිවම කරගත හැකි කාර්යයකි.
මීට අමතරව මා සදහන් කරුණු වලට ඒඒ ගුහයින්ට අදාල දේවත්වයන් නමස්කාර කර ප්‍රාර්තනා කිරීමෙන් ඔබගේ ග්‍රහ අපල වලට අදාල නියම ප්‍රතිකාර හරහා සැබෑ සහනය ලබාගත හැතිය.

No comments:

Post a Comment

වෙන්වීම, දික්කසාදවීම, උසාවියාම
ඔබගේ කේන්ද්‍රයේ සත්වැන් රාශිය සහ ඒවායේ අධිපතින්ද කාරක ග්‍රහයන්ද පීඩනයට පත්වූ කල්හි සහ එයස්ම පාපී ග්‍රහයන් සමග හා දුර්වල ග්‍රහයන් සමග සංයෝග වූ කල්හි හෝ ඔවුන්ගේ බැල්මට හසු වූ කල්හි හෝ විවාහ ජීවිතය දුක්බර වන්නේය. දෙවෙන්, සතරවෙනි හා දොලොස් වෙනි රාශි විසින්ද විවාහ ජීවිතය පාලනය කරනු ලබන බැවින් එම රාශි සහ ඒවායේ අධිපතීන් පීඩනයට පත්වීමද විවාහ ..........වැඩි විස්තර සදහි පිවිසෙන්න http://saranaastrology.orgfree.com
http://saranaastrology.blogspot.com/2014/07/blog-post.html ‍