BED SHEET DESIGNS

BED SHEET DESIGNS
ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක ඇද අතිරිලිලක් සදහා මෙය ක්ලික්කරන්න

Wednesday, August 6, 2014

http://saranaastrology.blogspot.com/

  සරණ මංගල සේවයට පැමිණි ඔබ ඉතා සාදරයෙන් පිළිගනිමු



අපගේ නවතම වෙබ් අඩවියටමෙතනින්පිවිසෙන්න

http://saranaastrology.orgfree.com/

                     සරණ මංගල සේවය
                                         

  අපගේ සේවය ලබා යුග දිවියට පැමිණ සැමට සාර්ථක යුග දිවියක් ගෙවීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා.
                 මේ වන විට අප ආයතනයට මංගල යෝජනා විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ඔබ සොයන මනාලිය/ මනාලයා ඒ අතර සිටිය හැක. එබැවින් අපගේ සාමාජිකත්වය හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමි .සාමාජිකත්වය ලබා ගැනීමට විස්තර පහලින් ඇත.
     මේ වන විටත් අපගේ සාමාජිකත්වය ලබා ඇති අයගේ පොරොන්දම් හා ඔබ ලබා දුන් විස්තර වලට ගැලපෙන අය තෝරා විමසීම් වලට යොමු කරඇත.(අප ලබාදෙන තොරතුරු වලට සොයා බැලිය යුත්තේ ඔබ විසින්ය.)
                විමසීම් කටයුතු අවසන් ඒවායින් ඔබට ගැලපෙන ඒවා ඉදිරි ක්‍රියාමාර්ග සදහා ඔබට යොමු කර ඇත. අපට ලැබෙන  මංගල යෝංනා වලින් සමහර ඒවා අප ආයතනයේ ලියාපදිංචි කපු මහතුන්ට භාර දී ඇත.(හදහන් නොගැලපෙන ඒවා සහ විමසීම් වලදී අකමැති ඒවා) හැකි ඉක්මනින් ඒවාට පිළිතුරු ඔබට ලබා දෙනු ඇත.
          මේ සියල්ල ඉතා වගකීම් සහිතව හා විශ්වස වන්ත ලෙස ඔබගේ ගෞරවය ආරක්ෂා වන පරිදි අපගේ සේවය ඔබට ලබා දෙන අතර මේ සියළු දේට ඔබගෙන් අමතර මුදල් ලබා නොගනී.ඔබ ලබා දුන් තොරතුරු සත්‍ය තොරතුරු යැයි අප විශ්වාස කරන අතර  විවාහ යෝජනාව ස්තිර වූ පසු පහත අයදුම්පතින් ගිවිස ගත් මුදල් අපට ලබා දීමට කාරුණික වන්න.
       මෙය මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් ලෙස නොව  සේවාවක් ලෙස අප පවත්වා ගෙන යනු ලබයි.එබැවින් විශ්වාස වන්තව අප හා එක්වීමට ඔබ සැමට ආරාධනා.......ස්තූතියි
                                  පාඨශාලාචාර්ය, ජ්‍යොතිර්වේදී සුජීව ලියනගේ (වැඩි විස්තර පහතින්ඇත.)


මෙම මංගල සේවයේ ලියා පදිංචි වීම සදහා
    තාවකාලික ලියාපදිංචි වීම
           1. ඔබගේ ජායාරූපයක් සහිතව සියළු විස්තර සදහන් කර  sujeewaliyanage448@gmail.com වෙත email එකක් එවන්න.(ඔබ බලාපොරොත්තු වන අයගේ විස්තර ඇතුලත් විය යුතුයි.)
      ස්ථිර ලියාපදිංචි වීම -
         පහත සදහන් ඉල්ලුම් පත සම්පූර්ණ කර ලියා පදිංචි ගාස්තු වශයෙන් රු, 1500 ක මනිඕඩරයක් සමග(මුදල් ගෙවන කාර්යාලය මාතර හා ලබන අයලෙස සුජීව ලියනගේ නම සදහන් කර) ලියා පදින්චි තැපෑලෙන් අපගේ ලිපිනයට එවන්න. අපගේ සේවය අවශ්‍ය නොමැති නම් ඔබ එවූ මුදලින් රු.1000 ක් ආපසු ගෙවනු ලැබේ.පොරොන්දම් පරීක්ෂාව නොමිලේ සිදු කරන අතර කොපමන පොරොන්දම් පරීක්ෂා කළත් අමතර කිසිදු මුදලක් අය කරනු නොලැබේ
    ලියා පදිංචි නොවන අයට -.
                   
      ලියා පදිංචි නොවන ඔබටත් අපගේ සේවය ලබා ගත හැකිය.සාමාජික නොවන ඔබද පහත අයදුම් පත පුරවා හදහන් පිට පතක් හා ඔබගේ ජායා රූපයක් අප වෙත එවිය යුතු අතර ඔවුන්ට අප ආයතනය මගින් කරන පොරොන්දම් ගැල පීම සිදු කරනු නොලැබේ. අප ආයතනයට ලැබෙන මංගල දැන්වීම් වලින ඔබ සොයන සුදුසුකම් සපුරන අයගේ පෞද්ගලික විස්තර හා හදහන් පිටපත් ඔබ වෙත යොමු කරන අතර ඔබ විසින් ඒවා ගැලපේදැයි පරීක්ෂා කර අප වෙත දැනුම් දුන් පසු අදාල පාර්ෂවයන් මුන ගැස්සවීමට පෙර සාමාජික මුදල් අප වෙත ගෙවිය යුතුය'


  සරණ මංගල සේවය හා එක්වන ඔබට ලැබෙන         ප්‍රථිලාබ
 සාමාජිකත්වය ලබා ගන්නා අයට -
    අපට ලැබෙන මංගල යෝජනා අතරින් ඔබට ගැලපෙන යෝජනා තෝරා අප ආයතනය විසින්ම හදහන් ගැලපීම සිදු කරනු ලැබේ. ඔබට හරියන එකක් ලැබෙන තෙක්ම එසේ කරනු ලැබේ(සාමාජික මුදලට අමතරව වෙන කිසිදු මුදලක් අය කරනු නොලැබේ)
     මීට අමතරව ඔබ විසින් ලබා දෙන වෙනත් හදහන් දෙකක් සදහා නොමිලේ පොරොන්දම් පරීක්ෂාව සිදු කර දෙනු ලැබේ. 
සාමාජිකත්වය ලබා නොගන්නා අයට -
        හදහන් පරීක්ෂාව මෙම ආයතනය මගින් සිදු කරනු නොලැබේ.ඔබට ගැල පෙන මංගල යොජනා ඔබට යොමු කරන අතර ඔබ විසින් ඒවායේ සුදුසුකම් පරීක්ෂා කළ යුතුය.අප ආයතනය හරහා විවාහයක් සිදුවන්නේ නම් පහත ඉල්ලුම් පතෙන් ගිවිස ගත් මුදල විවාහය සිදු කිරීමට අපට ගෙවිය යුතුය. 


                         සරණ මංගල සේවයේ ලියාපදිංචි වීම සදහා
                                     අයදුම් පත
    1.      1. විවාහ අපේක්ෂකගේ සම්පූර්ණ නම  :-
         2. ස්ත්‍රී/පුරුෂ භාවය                                :-
             3. උපන් දිනය                                        :-
             4. ස්ථිර ලිපිනය                                     :-
             5. දුරකථන අංකය                                  :-
             6. රැකියාව                                              :-
             7.මාසික ආදායම                                     :-
             8.විද්යුත් ලිපිනය                                     :-
             9. හැදුනුම් පත් අංකය                              :-
            10. මව/ පියා /සහෝදර/සහෝදියන්
                  මවගේ නම............................................... රැකියාව......................වයස........................
                  පියාගේ නම..............................................රැකියාව.......................වයස.......................
                  සහෝදරයන්ගේ නම්.................................රැකියාව...................විවාහකද..................
                                                   ..................................................................................................
                 සහෝදරියන් ගේ නම්...................................රැකියාව..................විවාහකද....................
                                                   ..................................................................................................
       
    2.    ඔබ බලා පොරොත්තු වන සහකරු/ සහකාරිය පිළිබද විස්තර
             1. රැකියාවක් කරන/නොකරන/ව්‍යාපාරික අයකුද   :-
             2. වත්කම් (ලග ඇති හෝ ලබා දෙන)                     :-
             3. නිවසක් ඇත/නැත                                               :-
             4. කුලය බලා පොරොත්තු වේ/නොවේ                   :-
             5. එසේනම් බලා පොරොත්තු වන කුලය                 :-
             6. ආගම  :-.....................  ජාතිය :-..........................
             7. විවාහ අපේක්ෂිතයා බලා පොරොත්තු වන ප්‍රදේශය  :-
                  පලාත............................ දිස්ත්‍රීක්කය..................... වෙනත්...................
    3.   සරණ මංගල සේවය මගින් ඔබගේ විවාහය සිදු වන්නේනම් ඔබට සරණ මංගල සේවයට ගෙවිය                 හැකි මුදල රු.............................. කි.(අකුරෙන්.......................................................................)
    4.   එම මුදල ගෙවන ආකාරය                  ...................................................................................
         

               ඉහත ගිවිස ගත් ආකාරයට මුදල් ලබා දීමට මා පොරොන්දු වෙමි.
                                                                                                         ....................................




හදහන් පිටපතක් හා පැහැදිලි සම්පූර්ණ ජායා රූපයක් එවීම අනිවාර්ය වේ.

කරුණාකර ප්‍රමාදය වලක්වා ගැනීමට හැකි තාක් සත්‍ය තෙරතුරුම අපට ලබා දීමට කාරුණික වන්න.ඔබ අසත්‍ය තොරතුරු සැපයීම නිසාඔබ ගැන තොරතුරු විමසීම් වලදී  ප්‍රතික්ෂේප වන අවස්තා බොහෝ ඇත. එසේ ප්‍රතික්ෂේප වීමේ වගකීම හා අසත්ත්‍ය තෙරතුරු සැපයීමෙන් වන ප්‍රමාදයට අප ආයතනට වගකීම බාර නොගන්නා බව දන්වා සිටිමි.
අපගේ සේවය ලබා ගන්නා අයට පොරොන්දම් පරීක්ෂාව හා නැකැත් සෑදීම සදහා මුදල් අය කරනු නොලැබේ.
     අපගේ ලිපිනය :-
                        පාඨශාලාචාර්ය්‍ය
                ජ්‍යොතිර්වේදී
                            සුජී‍ව ලියනගේ
                            සරණ ජ්‍යොතිෂ/ මංගල සේවය
                   පාසල් මාවත
                   මිරිස්වත්ත
                   කිතලගම බටහිර
                   තිහගොඩ
                   0714438654
                                                                                                     

   
සරණ මංගල සේවයට නියෝජිතයින් බදවා ගැනීම
    අප ආයතනයේ නියෝජිතයකු ලෙස ඔබ එකතු වීමට කැමතිනම් ඔබ කළ යුත්තේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින ඔබ දන්නා හදුනන අය අප ආයතනයට යොමු කිරීමයි.

 ඔබට ලැබෙන ප්‍රථිලාබ -
               අප ආයතනයේ සිමාජික ගාස්තු අදාල පුදුගලයාගෙන් අපට ගෙවිය යුතුය. ඔබ විසින් අපට යොමු කරන ලද අයකු අප ආයතනයේ මැදිහත් වීම මත විවාහය සිදු වුව හොත් ඔවුන් අප සමග ගිවිස ගන්නා මුදලින් ඔබ අප ආයතනයට ගෙවිය යුත්තේ 10 %කි.ඉතිරි මුදල ඔබගේ කොටස වේ.වැඩි විස්තර දුරකථනයට අමතා ලබා ගන්න.   


           විවාහයට දිනය සහ වේලාව තෝරා ගැනීම
 විවාහයකට සුදුසු දිනයක් සහ වේලාවක් තෝරා ගැනීමද වැදගත්ය. විවාහයට වේලාව යනු පුද්ගලයන් දෙදෙනෙකුගේ අනාගතයත්,දෛවයත්,ඇරැඹෙන්නේද එතැනිනි. එම වැදගත් අවස්ථාව සම්බන්ධයෙන් කේන්ද්‍රය බොහෝ සෙයින් බලපාන බව ඒ සදහා කේන්ද්‍රය විමසන විට අපට පැහැදිලි වේ.මක්නිසාද යත් යුවළකගේ යුග දිවිය පමණක් නොව ඔවුනට අත්වන දරු සම්පත් පිළිබදවද විවාහයේ වේලාව බලපාන බැවිනි.
   විවාහයක වේලාවේ කේන්ද්‍රයක් සෑදුව හොත් අදාල යුවලගේ ජන්ම කේන්ද්‍ර වලට සැසැදෙන බොහෝ දේ එහි ඇති බව ඒවා විමැසීමෙන් දැක ගත හැකිය.
  විවාහය සදහා සියලු දෙනාටම පොදු දවස් ලිත්වලින් පෙන්නුම් කරනු ලැබේ. එහෙත් එලෙස ප්‍රමතිකරණය කරන ලද දවස් සෑම කෙනෙකුගේම විවාහයට සුදුසු නොවේ. විවාහ වන අවස්ථාවේ යුවලකගේ කේන්ද්‍රවල විවාහයට සහ සහකාරයාට බලපාන රාශි පාලනය කරන අශුභ ග්‍රහයන් ඔව්න්ගේ ජන්ම කේන්ද්‍රයෙන් එම රාශි පීඩනයට පත් කර ඇත්නම් එම අවස්ථාවේ සිදු කරන විවාහය තිර ලෙසම අවාසනාවන්තවන අතර සහකාරයා හෝ සහකාරිය හෝ වියෝ වීමටද ඉඩ තිබේ.
    විවාහය සදහා දිනය සහ වේලාව තීරණය කිරීමේදී හැකිතාක් දුරට පහත සදහන් කරුනු පිළිපැදිය යුතුය.
    1. සංක්‍රමණික සෙනසුරු හෝ රාහු හෝ පුරුෂයාගේ ජන්ම කේන්ද්‍රයේ සිකුරු සහ ස්ත්‍රියගේ ජන්ම කේන්ද්‍රයෙහි අගහරු පීඩනයට පත් නොකළ යුතුය. එසේම සංක්‍රමණික සෙනසුරු හෝ රාහු හෝඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ හෝ ජන්ම කේන්ද්‍රයෙහි සත්වැන්න තුලින් ගමන් නොකළ යුතුය.නොඑසේනම් සත්වැන්නට දෘෂ්ටිය ද නොහෙළිය යුතුයි. එලෙසම එම සත්වැන්න පාපී ග්‍රහයන් විසින් පීඩනයට පත් කිරීම හැකිතාක් දුරට මග හැරිය යුතුය.
   2. පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ ජන්ම කේන්ද්‍රයේ සදු සංක්‍රමණික සෙනසුරු හෝ රාහු හෝ විසින් සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පීඩාවට පත් නෙකරනු ලැබිය යුතුය.
    3. දෙදෙනාගේම සත්වැන්නාධි පති ඔහුගේ හෝ ඇයගේ හෝ ලග්නයෙන් දුෂ්ථානය තුළින්  සංක්‍රමණය නොවිය යුතුයි. විශේෂයෙන්ම සෙනසුරු - රාහු හෝ කේතු හෝ වැනි පාපී ග්‍රහයකු සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පීඩාවට පත් කරනු ලබූ රාශියක් තුළින්ද සත්වැන්නාධි පති ගමන් නොකළ යුතුයි.................
  ඉහත ආදී වශයෙන් නොයෙක් ආකාරයට විග්‍රහ කර බලා දිනයක් සහ වේලාවක් මෙම රීතිය උපයෝගී කරගෙන සාදාගත යුතුයි.
   පුරුෂයකු විවාහ විය යුත්තේ ඔහු උපන් වර්ෂයේ සිට ගණින විට ඔත්තේ ගණයට වැටෙන වර්ෂයකය. ස්ත්‍රියක විවාහ විය යුත්තේ ඇගේ ජන්ම වර්ෂයෙන් ඉරත්තේ වර්ෂයකය.
 දැනට ව්‍යවහාරයේ පවතින පාරම් පරික පොරොන්දම් බැලීමේ ක්‍රමය සාර්ථක යුගදිවියක් පිළිබද සහතිකයක් වශයෙන් පිළිගත නොහැකිය. එබදු පොරොන්දම් පරීක්ෂාවකින් පසු දෛව අනුමැතිය ලබා යුගදිවියට පත් බොහෝ දෙනා පහත දැක්වෙන අඩුපාඩු හෙවත් දුර්වලතාවලට මුහුණ  පෑමෙන් ඔවුන්ගේ යුගදිවිය අසාර්ථක වී තිබෙන බැව් දක්නට ඇති හෙයිනි.
1. විවාහ ජීවිතයට ඇතුල් වී නොබෝ කලකින් එකකුගේ අකාල මරණය.
2. අංග විකලත්වය හෝ සෞඛ්‍යතත්වයේ පිරිහීම.
3. ආර්ථිකය  බිදවැටීම
4. සමගිය හා සමාදානය තුරන් වී යෑම
5.දරු සම්පත් නොලැබීම
6.සැනසිලි දායක අනාගතයක් පිළිබද බලාපොරොත්තු බිද වැටීම.
 එනිසා විවාහාපේක්ෂක යුවලගේ කේන්දර එකිනෙක පහත දැක්වෙන ශීර්ශ යටතේ වෙන වෙනම පරීක්ෂා කොට විවාහය පිළිබද සිය අනුමැතිය දීමට පෙරින් ඔවුනට සාර්ථක යුගදිවියක් ගතකළ හැකි බවට ජ්‍යෝතිශ්ශාස්ත්‍රයා සෑහීමකටපත්විය යුතුය.
1. ආයුෂ
2.සෞඛ්‍යය
3. ආර්ථික තත්වය
4. සමගිය හා සමාදානය
5. දරු සම්පත්

6. සැනසිලිදායක අනාගතය