BED SHEET DESIGNS

BED SHEET DESIGNS
ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක ඇද අතිරිලිලක් සදහා මෙය ක්ලික්කරන්න

Wednesday, August 6, 2014

http://saranaastrology.blogspot.com/

  සරණ මංගල සේවයට පැමිණි ඔබ ඉතා සාදරයෙන් පිළිගනිමු



අපගේ නවතම වෙබ් අඩවියටමෙතනින්පිවිසෙන්න

http://saranaastrology.orgfree.com/

                     සරණ මංගල සේවය
                                         

  අපගේ සේවය ලබා යුග දිවියට පැමිණ සැමට සාර්ථක යුග දිවියක් ගෙවීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා.
                 මේ වන විට අප ආයතනයට මංගල යෝජනා විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර ඔබ සොයන මනාලිය/ මනාලයා ඒ අතර සිටිය හැක. එබැවින් අපගේ සාමාජිකත්වය හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමි .සාමාජිකත්වය ලබා ගැනීමට විස්තර පහලින් ඇත.
     මේ වන විටත් අපගේ සාමාජිකත්වය ලබා ඇති අයගේ පොරොන්දම් හා ඔබ ලබා දුන් විස්තර වලට ගැලපෙන අය තෝරා විමසීම් වලට යොමු කරඇත.(අප ලබාදෙන තොරතුරු වලට සොයා බැලිය යුත්තේ ඔබ විසින්ය.)
                විමසීම් කටයුතු අවසන් ඒවායින් ඔබට ගැලපෙන ඒවා ඉදිරි ක්‍රියාමාර්ග සදහා ඔබට යොමු කර ඇත. අපට ලැබෙන  මංගල යෝංනා වලින් සමහර ඒවා අප ආයතනයේ ලියාපදිංචි කපු මහතුන්ට භාර දී ඇත.(හදහන් නොගැලපෙන ඒවා සහ විමසීම් වලදී අකමැති ඒවා) හැකි ඉක්මනින් ඒවාට පිළිතුරු ඔබට ලබා දෙනු ඇත.
          මේ සියල්ල ඉතා වගකීම් සහිතව හා විශ්වස වන්ත ලෙස ඔබගේ ගෞරවය ආරක්ෂා වන පරිදි අපගේ සේවය ඔබට ලබා දෙන අතර මේ සියළු දේට ඔබගෙන් අමතර මුදල් ලබා නොගනී.ඔබ ලබා දුන් තොරතුරු සත්‍ය තොරතුරු යැයි අප විශ්වාස කරන අතර  විවාහ යෝජනාව ස්තිර වූ පසු පහත අයදුම්පතින් ගිවිස ගත් මුදල් අපට ලබා දීමට කාරුණික වන්න.
       මෙය මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් ලෙස නොව  සේවාවක් ලෙස අප පවත්වා ගෙන යනු ලබයි.එබැවින් විශ්වාස වන්තව අප හා එක්වීමට ඔබ සැමට ආරාධනා.......ස්තූතියි
                                  පාඨශාලාචාර්ය, ජ්‍යොතිර්වේදී සුජීව ලියනගේ (වැඩි විස්තර පහතින්ඇත.)


මෙම මංගල සේවයේ ලියා පදිංචි වීම සදහා
    තාවකාලික ලියාපදිංචි වීම
           1. ඔබගේ ජායාරූපයක් සහිතව සියළු විස්තර සදහන් කර  sujeewaliyanage448@gmail.com වෙත email එකක් එවන්න.(ඔබ බලාපොරොත්තු වන අයගේ විස්තර ඇතුලත් විය යුතුයි.)
      ස්ථිර ලියාපදිංචි වීම -
         පහත සදහන් ඉල්ලුම් පත සම්පූර්ණ කර ලියා පදිංචි ගාස්තු වශයෙන් රු, 1500 ක මනිඕඩරයක් සමග(මුදල් ගෙවන කාර්යාලය මාතර හා ලබන අයලෙස සුජීව ලියනගේ නම සදහන් කර) ලියා පදින්චි තැපෑලෙන් අපගේ ලිපිනයට එවන්න. අපගේ සේවය අවශ්‍ය නොමැති නම් ඔබ එවූ මුදලින් රු.1000 ක් ආපසු ගෙවනු ලැබේ.පොරොන්දම් පරීක්ෂාව නොමිලේ සිදු කරන අතර කොපමන පොරොන්දම් පරීක්ෂා කළත් අමතර කිසිදු මුදලක් අය කරනු නොලැබේ
    ලියා පදිංචි නොවන අයට -.
                   
      ලියා පදිංචි නොවන ඔබටත් අපගේ සේවය ලබා ගත හැකිය.සාමාජික නොවන ඔබද පහත අයදුම් පත පුරවා හදහන් පිට පතක් හා ඔබගේ ජායා රූපයක් අප වෙත එවිය යුතු අතර ඔවුන්ට අප ආයතනය මගින් කරන පොරොන්දම් ගැල පීම සිදු කරනු නොලැබේ. අප ආයතනයට ලැබෙන මංගල දැන්වීම් වලින ඔබ සොයන සුදුසුකම් සපුරන අයගේ පෞද්ගලික විස්තර හා හදහන් පිටපත් ඔබ වෙත යොමු කරන අතර ඔබ විසින් ඒවා ගැලපේදැයි පරීක්ෂා කර අප වෙත දැනුම් දුන් පසු අදාල පාර්ෂවයන් මුන ගැස්සවීමට පෙර සාමාජික මුදල් අප වෙත ගෙවිය යුතුය'


  සරණ මංගල සේවය හා එක්වන ඔබට ලැබෙන         ප්‍රථිලාබ
 සාමාජිකත්වය ලබා ගන්නා අයට -
    අපට ලැබෙන මංගල යෝජනා අතරින් ඔබට ගැලපෙන යෝජනා තෝරා අප ආයතනය විසින්ම හදහන් ගැලපීම සිදු කරනු ලැබේ. ඔබට හරියන එකක් ලැබෙන තෙක්ම එසේ කරනු ලැබේ(සාමාජික මුදලට අමතරව වෙන කිසිදු මුදලක් අය කරනු නොලැබේ)
     මීට අමතරව ඔබ විසින් ලබා දෙන වෙනත් හදහන් දෙකක් සදහා නොමිලේ පොරොන්දම් පරීක්ෂාව සිදු කර දෙනු ලැබේ. 
සාමාජිකත්වය ලබා නොගන්නා අයට -
        හදහන් පරීක්ෂාව මෙම ආයතනය මගින් සිදු කරනු නොලැබේ.ඔබට ගැල පෙන මංගල යොජනා ඔබට යොමු කරන අතර ඔබ විසින් ඒවායේ සුදුසුකම් පරීක්ෂා කළ යුතුය.අප ආයතනය හරහා විවාහයක් සිදුවන්නේ නම් පහත ඉල්ලුම් පතෙන් ගිවිස ගත් මුදල විවාහය සිදු කිරීමට අපට ගෙවිය යුතුය. 


                         සරණ මංගල සේවයේ ලියාපදිංචි වීම සදහා
                                     අයදුම් පත
    1.      1. විවාහ අපේක්ෂකගේ සම්පූර්ණ නම  :-
         2. ස්ත්‍රී/පුරුෂ භාවය                                :-
             3. උපන් දිනය                                        :-
             4. ස්ථිර ලිපිනය                                     :-
             5. දුරකථන අංකය                                  :-
             6. රැකියාව                                              :-
             7.මාසික ආදායම                                     :-
             8.විද්යුත් ලිපිනය                                     :-
             9. හැදුනුම් පත් අංකය                              :-
            10. මව/ පියා /සහෝදර/සහෝදියන්
                  මවගේ නම............................................... රැකියාව......................වයස........................
                  පියාගේ නම..............................................රැකියාව.......................වයස.......................
                  සහෝදරයන්ගේ නම්.................................රැකියාව...................විවාහකද..................
                                                   ..................................................................................................
                 සහෝදරියන් ගේ නම්...................................රැකියාව..................විවාහකද....................
                                                   ..................................................................................................
       
    2.    ඔබ බලා පොරොත්තු වන සහකරු/ සහකාරිය පිළිබද විස්තර
             1. රැකියාවක් කරන/නොකරන/ව්‍යාපාරික අයකුද   :-
             2. වත්කම් (ලග ඇති හෝ ලබා දෙන)                     :-
             3. නිවසක් ඇත/නැත                                               :-
             4. කුලය බලා පොරොත්තු වේ/නොවේ                   :-
             5. එසේනම් බලා පොරොත්තු වන කුලය                 :-
             6. ආගම  :-.....................  ජාතිය :-..........................
             7. විවාහ අපේක්ෂිතයා බලා පොරොත්තු වන ප්‍රදේශය  :-
                  පලාත............................ දිස්ත්‍රීක්කය..................... වෙනත්...................
    3.   සරණ මංගල සේවය මගින් ඔබගේ විවාහය සිදු වන්නේනම් ඔබට සරණ මංගල සේවයට ගෙවිය                 හැකි මුදල රු.............................. කි.(අකුරෙන්.......................................................................)
    4.   එම මුදල ගෙවන ආකාරය                  ...................................................................................
         

               ඉහත ගිවිස ගත් ආකාරයට මුදල් ලබා දීමට මා පොරොන්දු වෙමි.
                                                                                                         ....................................




හදහන් පිටපතක් හා පැහැදිලි සම්පූර්ණ ජායා රූපයක් එවීම අනිවාර්ය වේ.

කරුණාකර ප්‍රමාදය වලක්වා ගැනීමට හැකි තාක් සත්‍ය තෙරතුරුම අපට ලබා දීමට කාරුණික වන්න.ඔබ අසත්‍ය තොරතුරු සැපයීම නිසාඔබ ගැන තොරතුරු විමසීම් වලදී  ප්‍රතික්ෂේප වන අවස්තා බොහෝ ඇත. එසේ ප්‍රතික්ෂේප වීමේ වගකීම හා අසත්ත්‍ය තෙරතුරු සැපයීමෙන් වන ප්‍රමාදයට අප ආයතනට වගකීම බාර නොගන්නා බව දන්වා සිටිමි.
අපගේ සේවය ලබා ගන්නා අයට පොරොන්දම් පරීක්ෂාව හා නැකැත් සෑදීම සදහා මුදල් අය කරනු නොලැබේ.
     අපගේ ලිපිනය :-
                        පාඨශාලාචාර්ය්‍ය
                ජ්‍යොතිර්වේදී
                            සුජී‍ව ලියනගේ
                            සරණ ජ්‍යොතිෂ/ මංගල සේවය
                   පාසල් මාවත
                   මිරිස්වත්ත
                   කිතලගම බටහිර
                   තිහගොඩ
                   0714438654
                                                                                                     

   
සරණ මංගල සේවයට නියෝජිතයින් බදවා ගැනීම
    අප ආයතනයේ නියෝජිතයකු ලෙස ඔබ එකතු වීමට කැමතිනම් ඔබ කළ යුත්තේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින ඔබ දන්නා හදුනන අය අප ආයතනයට යොමු කිරීමයි.

 ඔබට ලැබෙන ප්‍රථිලාබ -
               අප ආයතනයේ සිමාජික ගාස්තු අදාල පුදුගලයාගෙන් අපට ගෙවිය යුතුය. ඔබ විසින් අපට යොමු කරන ලද අයකු අප ආයතනයේ මැදිහත් වීම මත විවාහය සිදු වුව හොත් ඔවුන් අප සමග ගිවිස ගන්නා මුදලින් ඔබ අප ආයතනයට ගෙවිය යුත්තේ 10 %කි.ඉතිරි මුදල ඔබගේ කොටස වේ.වැඩි විස්තර දුරකථනයට අමතා ලබා ගන්න.   


           විවාහයට දිනය සහ වේලාව තෝරා ගැනීම
 විවාහයකට සුදුසු දිනයක් සහ වේලාවක් තෝරා ගැනීමද වැදගත්ය. විවාහයට වේලාව යනු පුද්ගලයන් දෙදෙනෙකුගේ අනාගතයත්,දෛවයත්,ඇරැඹෙන්නේද එතැනිනි. එම වැදගත් අවස්ථාව සම්බන්ධයෙන් කේන්ද්‍රය බොහෝ සෙයින් බලපාන බව ඒ සදහා කේන්ද්‍රය විමසන විට අපට පැහැදිලි වේ.මක්නිසාද යත් යුවළකගේ යුග දිවිය පමණක් නොව ඔවුනට අත්වන දරු සම්පත් පිළිබදවද විවාහයේ වේලාව බලපාන බැවිනි.
   විවාහයක වේලාවේ කේන්ද්‍රයක් සෑදුව හොත් අදාල යුවලගේ ජන්ම කේන්ද්‍ර වලට සැසැදෙන බොහෝ දේ එහි ඇති බව ඒවා විමැසීමෙන් දැක ගත හැකිය.
  විවාහය සදහා සියලු දෙනාටම පොදු දවස් ලිත්වලින් පෙන්නුම් කරනු ලැබේ. එහෙත් එලෙස ප්‍රමතිකරණය කරන ලද දවස් සෑම කෙනෙකුගේම විවාහයට සුදුසු නොවේ. විවාහ වන අවස්ථාවේ යුවලකගේ කේන්ද්‍රවල විවාහයට සහ සහකාරයාට බලපාන රාශි පාලනය කරන අශුභ ග්‍රහයන් ඔව්න්ගේ ජන්ම කේන්ද්‍රයෙන් එම රාශි පීඩනයට පත් කර ඇත්නම් එම අවස්ථාවේ සිදු කරන විවාහය තිර ලෙසම අවාසනාවන්තවන අතර සහකාරයා හෝ සහකාරිය හෝ වියෝ වීමටද ඉඩ තිබේ.
    විවාහය සදහා දිනය සහ වේලාව තීරණය කිරීමේදී හැකිතාක් දුරට පහත සදහන් කරුනු පිළිපැදිය යුතුය.
    1. සංක්‍රමණික සෙනසුරු හෝ රාහු හෝ පුරුෂයාගේ ජන්ම කේන්ද්‍රයේ සිකුරු සහ ස්ත්‍රියගේ ජන්ම කේන්ද්‍රයෙහි අගහරු පීඩනයට පත් නොකළ යුතුය. එසේම සංක්‍රමණික සෙනසුරු හෝ රාහු හෝඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ හෝ ජන්ම කේන්ද්‍රයෙහි සත්වැන්න තුලින් ගමන් නොකළ යුතුය.නොඑසේනම් සත්වැන්නට දෘෂ්ටිය ද නොහෙළිය යුතුයි. එලෙසම එම සත්වැන්න පාපී ග්‍රහයන් විසින් පීඩනයට පත් කිරීම හැකිතාක් දුරට මග හැරිය යුතුය.
   2. පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ ජන්ම කේන්ද්‍රයේ සදු සංක්‍රමණික සෙනසුරු හෝ රාහු හෝ විසින් සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පීඩාවට පත් නෙකරනු ලැබිය යුතුය.
    3. දෙදෙනාගේම සත්වැන්නාධි පති ඔහුගේ හෝ ඇයගේ හෝ ලග්නයෙන් දුෂ්ථානය තුළින්  සංක්‍රමණය නොවිය යුතුයි. විශේෂයෙන්ම සෙනසුරු - රාහු හෝ කේතු හෝ වැනි පාපී ග්‍රහයකු සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පීඩාවට පත් කරනු ලබූ රාශියක් තුළින්ද සත්වැන්නාධි පති ගමන් නොකළ යුතුයි.................
  ඉහත ආදී වශයෙන් නොයෙක් ආකාරයට විග්‍රහ කර බලා දිනයක් සහ වේලාවක් මෙම රීතිය උපයෝගී කරගෙන සාදාගත යුතුයි.
   පුරුෂයකු විවාහ විය යුත්තේ ඔහු උපන් වර්ෂයේ සිට ගණින විට ඔත්තේ ගණයට වැටෙන වර්ෂයකය. ස්ත්‍රියක විවාහ විය යුත්තේ ඇගේ ජන්ම වර්ෂයෙන් ඉරත්තේ වර්ෂයකය.
 දැනට ව්‍යවහාරයේ පවතින පාරම් පරික පොරොන්දම් බැලීමේ ක්‍රමය සාර්ථක යුගදිවියක් පිළිබද සහතිකයක් වශයෙන් පිළිගත නොහැකිය. එබදු පොරොන්දම් පරීක්ෂාවකින් පසු දෛව අනුමැතිය ලබා යුගදිවියට පත් බොහෝ දෙනා පහත දැක්වෙන අඩුපාඩු හෙවත් දුර්වලතාවලට මුහුණ  පෑමෙන් ඔවුන්ගේ යුගදිවිය අසාර්ථක වී තිබෙන බැව් දක්නට ඇති හෙයිනි.
1. විවාහ ජීවිතයට ඇතුල් වී නොබෝ කලකින් එකකුගේ අකාල මරණය.
2. අංග විකලත්වය හෝ සෞඛ්‍යතත්වයේ පිරිහීම.
3. ආර්ථිකය  බිදවැටීම
4. සමගිය හා සමාදානය තුරන් වී යෑම
5.දරු සම්පත් නොලැබීම
6.සැනසිලි දායක අනාගතයක් පිළිබද බලාපොරොත්තු බිද වැටීම.
 එනිසා විවාහාපේක්ෂක යුවලගේ කේන්දර එකිනෙක පහත දැක්වෙන ශීර්ශ යටතේ වෙන වෙනම පරීක්ෂා කොට විවාහය පිළිබද සිය අනුමැතිය දීමට පෙරින් ඔවුනට සාර්ථක යුගදිවියක් ගතකළ හැකි බවට ජ්‍යෝතිශ්ශාස්ත්‍රයා සෑහීමකටපත්විය යුතුය.
1. ආයුෂ
2.සෞඛ්‍යය
3. ආර්ථික තත්වය
4. සමගිය හා සමාදානය
5. දරු සම්පත්

6. සැනසිලිදායක අනාගතය


                        වෙන්වීම, දික්කසාදවීම, උසාවියාම
                        ඔබගේ කේන්ද්‍රයේ සත්වැන් රාශිය සහ ඒවායේ අධිපතින්ද කාරක ග්‍රහයන්ද පීඩනයට පත්වූ කල්හි සහ එයස්ම පාපී ග්‍රහයන් සමග හා දුර්වල ග්‍රහයන් සමග සංයෝග වූ කල්හි හෝ ඔවුන්ගේ බැල්මට හසු වූ කල්හි හෝ විවාහ ජීවිතය දුක්බර වන්නේය. දෙවෙන්, සතරවෙනි හා දොලොස් වෙනි රාශි විසින්ද විවාහ ජීවිතය පාලනය කරනු ලබන බැවින් එම රාශි සහ ඒවායේ අධිපතීන් පීඩනයට පත්වීමද විවාහ ජීවිතය අවාසනාවන්ත වීමට හේතු වන්නේය. ලග්නාධිපති හා ලග්නයෙන් සත්වැන්න හෝ එහි අධිපති හෝ පීඩනයට පත් වූ කල්හි හෝ කාරක ග්‍රහයා සිටින රාශියෙහි අඩිපති හා එම රාශියෙන් සත්වැන්නෙහි අධිපති සතුරන් වූකල්හි හෝ විවාහක යුවල අතර අඩදබර හා වැරදි වැටහීම්හට ගන්නේය.
         කේන්ද්‍රයක සයවැන්න  සතුරුබවේ රාශියයි. එබැවින් ලග්නාධිපති  සහ සයවැන්නාධිපති තම තමන් සිටින ස්ථාන වලින් සත්වැනි රාශිවල අධිපතීන්ගෙන්සයවැන්නෙහි  හෝ අටවැන්නෙහි හෝ සතුරන් ලෙස හෝ පීඩනයට පත්ව හෝ සිටින කල්හි ස්වාමිපුරුෂයා හා භාර්යාව අතරනිරන්තරඅඩදබර හා මතබේද හට ගන්නේය. එමෙන්ම ඔවුන් දෙදෙනා අතර සතුරුකම්ද ලියලන්නේය. එවැනි කේන්ද්‍රයක එම ගුහයන් දෙදෙනා සතුරන් වූ විට හා ඔවුන් දෙදෙනා පාපී රාශියක අධිපතියකු  විසින් පීඩනයට පත්කරනු ලැබූවිට අඹුසැමි වෙන්වීමක් පෙන්නුම් කරයි.එහෙත් එම ග්‍රහයන් දෙදෙනා ගුරු විසින් දකිනු ලැබුවානම් හෝ ගුරු සමග සංයෝග වී ඇත්නම් හෝ එසේම ඔවුන්  දෙදෙනා ශුබ රාශියක සිටිනවා නම්  හෝ ආරවුල සමථයකට  පත් කරගැනීමටත්  දෙදෙනා යළි එක් කිරීමටත් හැකිවනු ඇත.එසේ නොවේනම් ඔවුන් අතර යළි සමගියක් ඇති කිරීමේ ඉඩකඩ අඩු වන්නේය.

       සයවැන්න නඩුහබ ආදියද පාලනය කරන බැවින් පාපී සයවැන්නාධිපති සත්වැන්නට, සත්වැන්නාධිපතිට හෝ කාරක ග්‍රහයාට හෝ එක් වූ විට නීතිමය වශයෙන්  වෙන්වීමක් සිදු වන්නේය. පාපියකු විසින් විසින් පීඩනයට පත් කරනු ලැබූ සත්වැන්නාධිපති හෝ කාරක ග්‍රහයා හෝ සයවැන්නට එක්වීමෙන්  අත්වන  ප්‍රථිපලයද එයට සමාන වේ.



        බුද්ධියේ විමසුමට
              රාහු කාලය යනු මිත්‍යාවකි
                      රාහු කාලය කවර පදනමක් මත කවර හේතුවක් නිසා බිහිවූවක් දැයි මෙතෙක් පැහැදිලි නැත. ශ්‍රි ලංකාවේ පමනක් නොව භාරතයේ ද මේ පිළිබදව විවිධ මත පවතී. රාහු කාලය පිළිබදව සෘෂිවරයකු විසින් පළ කරන ලද මතයක් හෝ සදහන්කරන ලද කිසිදු තැනක් හෝ අපට මෙතෙක් දක්නට නොලැබිණි. කවර හේතුවක් නිසා හෝ භාවිතයට පැමිණි දෙයක් ඒ ලෙසින්ම පවත්වාගෙන යාම මිස එයට වඩා වැදගත් හේතුවක් ඇති සැටියක් පෙනෙන්නට නැත.ජ්‍යොතිෂය  පිළිබදව කිසියම් ශාස්ත්‍රීය මතයක් අප දැරිය යුත්තේ සෘෂිභාෂිතය අනුවය යන  නියමය රාහු කාලය පිළිබද ප්‍රශ්ණයේ දී නොසලකන්නේ ඇයි.             අපේ පංචාංග ලිත්වල හා ජ්‍යොතිෂ ග්‍රන්ථවල රාහු කාලය සදහන් වී ඇත්තේ දවල් රෑ දෙකට මෙසේය.
          ඉරිදා    4.30 සිට 6.00 දක්වා
          සදුදා    7.30 සිට 9.00 දක්වා
 අගහරුවාදා  3.00 සිට 4.30 දක්වා
          බදාදා  12.00 සිට 1.30 දක්වා
 බ්‍රහස්පතින්දා 1.30 සිට 3.00 දක්වා
      සිකුරාදා   10.30 සිට 12.00 දක්වා
    සෙනසුරාදා 9.00 සිට 10.30 දක්වා
              සතියේ ඒ ඒ දිනවලට යෙදෙන ශුභ පංචම කාල හෝරා දක්වා ඇති සැටි බලමු 
       ඉරිදා සවස 4.24 සිට 4.36 දක්වා සදුගේ බුද පංචමය
        ඉරිදා සවස 4.36 සිට 4.48 දක්වා සදුගේ ගුරු පංචම ආදී වශයෙන් සදුදගේ සිකුරු පංචමය.ශනිගේ සදු පංචමය ශනිගේ පුද පංචමයද
        ඉරිදා රාත්‍රී 4.36 සිට 4.48 දක්වා සිකුරැගේ සදු පංචමය
        ඉරිදා රාත්‍රී 5.00 සිට 5.12 දක්වා බුදගේ බුද පංචමය හා  බුදගේ ගුරු පංචමයද ආදී වශයෙන් සතියේ සෑම දිනකම රාහු කාලය තුල ශුභ හෝරාවන්පෙන්වා ඇත.
       රාහු කාලය තුල කවර හෝ ශුභ කටයුත්තක් නොකළ යුතු යැයි පවසන අය ඉහත සදහන් අයුරු රාහු කාලයට යටත්වන කාල සීමාවන් තුළශුභ පංචම කාල හෝරාවන් දක්වා ඇත්තේ ඇයි දැයි  පැහැදිලි කරන්නේ නැත.
                 රාහු කාලය පිළිබදව සිතා බැලිය යුතු එක් උදාහරණයක් පමණක් මෙහිලා සදහන් කරමි අපේ රටේ ගුවන් ගමන් ගැන සළකා බලන්න. දැනට සැලසුම් කර ඇති පරිදි සදුදා උදේ රාහු කාලය වන 7.50ට ත්‍රිවන්ඩන් වලටත් උදේ 8.00 ට බැංකොක් වලටත් ගමන් යොදා ඇත.කාලගුණ විපර්යාස යටතේ ඉදහිට වෙනස් වුවත් වැඩි වශයෙන් ඒ ලෙස සිදුවේ.සතියේ වෙනත් දින වලත් රාහු කාලය තුල ගුවන් ගමන් සිදුවේ.සිදු වූ අවැඩ කුමක්ද.තව දුරටත් සිතා බැලුවහොත් අපගේ ජීවිත කාලය තුල රාහු කාලය තුල අප කොතෙකුත් වැඩ ආරම්භ කර ඇත්ද අපට අවැඩක් සිදු වී ඇත්දැයි ඔබම සිතා බලන්න.
         මිනිසුන් බය කරන තරමට තමන්ගේ මඩිය තර කර ගැනීමට මාන බලන මිත්‍යා මත වලින් මිනිසුන්ගේ ඔළු පුරවන සමහර ජ්‍යොතිෂ වේදීන් නිසා මෙම ජ්‍යොතිෂ විද්‍යාව බෙහෝ අය පිළි නෙගන්නා තරමටම පත්වීඇති අතර මිත්‍යා මත හෙලි දරව් කිරීම මාගේ අරමුණයි.
                 දරුවන්ට අකුරු කියවීමට සරස්වතී යෝග
                අවුරුදු 12 කට වරක් ගුරු ග්‍රහයාගෙන් යෙදෙන සරස්වතී යෝග 2014 ජුනි මාසයෙන් පසු, මෙම අවස්ථාවෙන් ඔබගේ දරුවාගේ අකුරු කියවීමට යොදා ගන්න.2014 වර්ෂයේ යෝග යෙදෙන දින පහත වේ.
                         ජුනි...............26
                         ජූලි................3,10,17,24,31 
                         අගෝස්තු........7,14,21,28
                         සැප්තැම්බර්.....4,11,18,25
                         ඔක්තෝම්බර්...2,9,16,23
                         නොවැම්බර්......6,13,20,27
                         දෙසැම්බර්.........4,11,18,25

  https://www.facebook.com/sujeewa.liyanage.5095?ref=tn_tnmn


      .ඔබට හෝ ඔබේ දරුවන්ට/හිතවතුන්ට  
              ඉගෙන ගන්නා දේවල් අමතකද        
          සරණ ජ්‍යොතිෂ සේවයෙන් ඔබට පිහිටක් විය හැකිය
                            අධ්‍යාපනය ලබන ඕනෑම අයකුට ඇති ගැටලුවක් නම් ඉගන ගන්නා දේවල් මතකයේ තබා ගැනීමට නොහැකි වීමයි. ......... ඔබගේ ධාරණ ශක්තිය වැඩි කර පාඩම් කරන පොත පතේ ඇති දේවල් මතකයේ තබා ගැනීමට...........
      සරස්වතී දැහැනින් ජප කරන ලද මන්ත්‍ර වල බලයෙන් ඔබගේ ධාරණ ශක්තිය වැඩි කර මතක තබා ගැනීමේ හැකියාව දැන් ඔබට උදා වී ඇත.
      මෙම මන්ත්‍ර කීම ඔබ විසින්ම කළ යුතු අතර අපට එම මන්ත්‍ර ඔබට ලබා දීමට හැකියාව ඇත.
   මේ සදහා ඔබගේ හදහනේ පිටපතක් අපට එවිය යුතු අතර එම මන්ත්‍ර ඔබේ ජන්ම පත්‍රය අනුව ගණ පිහිටුවා සකස් කළ යුතු අතර ඔබගේ අධ්‍යාපන තත්වයද පරීක්ෂා කළ යුතුය.(වයස අවුරුදු 12 ට වඩා වැඩි විය යුතුය )
     මෙය නිවැරදි ලෙස උච්ජාරණය කරන ආකාරය පුරුදු කළ යුතු නිසා මෙම මන්ත්‍ර ලබා ගැනීමට අදාල පුද්ගලයාම අප වෙත පැමිණීම අනිවාර්යය වේ.
      මේ සදහා වැඩි විස්තර ඔබට දැන ගැනීමට අවශ්‍ය නම්  0714438654 දුරකතනයට සුජීව ලියනගේ අමතන්න....   





                      ජ්‍යොතිර් විද්‍යාව
             ජ්‍යොතිර් විද්‍යාව යනු භූගෝල විද්‍යාවත් තාරකා විද්‍යාවත් පදනම් කරගෙන ගණිත විද්‍යාවේ ආධාරයෙන් සකස් කරගෙන ඇති අතුරු විද්‍යාවකි. මෙයට ජ්‍යොතිෂ් ශාස්ත්‍රය කියාද කියනු ලැබේ. ජ්‍යොතිෂය යනු ආලෝකය හා බැබළීමයි. ග්‍රහ ලෝක වල හා තාරකාවන්ගේ බැබලීම පදනම් කරගෙන කරුණු ප්‍රකාශ කරන ක්‍රමයක් නිසා මෙයට ජ්‍යොතිෂ් ශාස්ත්‍රය කියාද කියනු ලැබේ. මෙයට ජ්‍යොතිෂ විද්‍යාව කියා නම් කළද එය සමපූර්ණයෙන්ම ප්‍රායෝගික විද්‍යාවක්ද නොවේ. ප්‍රායෝගික විද්‍යාවේ දී හේතුව හා ප්‍රතිඵලය යන දෙකම එකිනෙකට ඔප්පු කල හැකිය. එහෙත් ජ්‍යොතිෂ් ශාස්ත්‍රයේදී ඇතැම් කොටස් වලදී ප්‍රතිඵලය ගැන පෙනෙනවා විනා හේතුව අපේ පියවි ඇසට හෝ විද්‍යා උපකරණ වලට අසු නොවේ. එහි නිතරම සැගවුන දෙයක් ඇත. අප එයට ගුප්ත විද්‍යාව යන නම යොදා තිබෙන්නේ ඒ නිසාමය.
                         ප්‍රායෝගික විද්‍යාවක් ලෙසට සිතන ඇතමෙක් ජ්‍යොතිර් විද්‍යාව දෙස උපහාසාත්මකව බලන බව කවුරුත් දන්නා කරුනකි. කවුරු කෙසේ කීවද ජ්‍යොතිෂයේ දැක්වෙන ෂට්විද ආකාශවස්තූන්ගේ බලපෑම්වලට හසු නොවන කිසිදු සත්වයෙක් හෝ ද්‍රව්‍යයක් හෝ මේ ලොවෙහි ඇති නොවනු ඇත. ජ්‍යොතිෂය මුල්කරගෙන අවුරුදු දහස් ගනනක්අනාගතයේ සිදුවන සිදුවීම් විස්තර කළ හැකිය. වර්තමානයේ ඉපදි ඇති මනුෂ්‍යයන්ගේ නම් ගම් සිය දෙමා පියන්ගේ නම් ගම් ඔවුන්ගේ දරුවන් උපදින වකවානු ඔවුන් කරන රැකී රක්ෂා ආදිය පවා දැනට අවුරුදු 5000 කට පමණ පෙර ඉන්දියාවේ විසූ පුලස්ති . කාකබුජන්ධර ආදී සෘෂිවරු ලියා තැබුවේ මෙම විද්‍යාවේ මූලධර්ම  උපයෝගී කර ගෙනය. මෙම ෂට්විද ග්‍රහවස්තුන් පිළිබදව අප ලබා ගන්නාදැනුම අනුව අතීතයේ සිදුවූ සිද්දීන් ද අනාගතයේදී සිදුවන සිද්ධීනද පිළබදව පැහැදිලි අනාවැකි පළකළ හැකිය.ජ්‍යොතිර් විද්‍යාව හැරුණු  විට අනාගතයේදී සිදුවන සිදුවීම් ප්‍රකාශ කළහැකි වෙන කිසිදු ශාස්ත්‍රයක් ලෙටවෙහි නැත.
                            මෙතරම් අගනා ශාස්ත්‍රය පිරිහී යාමටත් ගැරහීම් වලට ලක්වීමටත් හේතු වී ඇත්තේ ජ්‍යොතිෂයේ මූලිකාංගවත් හරිහැටි නොදැන  පහසුවෙන් මුදල් උපයා ගැනීමට හැකි ක්‍රමයක් ලෙසට මෙය යොදවා ගැනීමය. බුද්දිමතුන්ගේ ගැරහීම්වලට මෙම ශාස්ත්‍රය යොමු වී ඇත්තේද මෙවැන්නන් කරන බොරු අනාවැකි හා ප්‍රකාශන නිසාය. කිසියම් අනාවැකියක් වැරදී යන්නේ අනාගත ඵලාඵල විස්තරයක් වරදින්නේ සුභ මුහුර්ත වලින් නිවැරදි ඵල විපාක නොලැබෙන්නේ ශාස්ත්‍රයේ ඇති දුර්වල කම් නිසා නොව එය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයාට ශිස්ත්‍රය පිළිබදව තිබෙන අඩු දැනුම නිසාය.
                             දහසකුත් දුෂකරතා මැදින් ගෙවන මෙම ලෞකික ජීවිතයේදී ඇතිවන ප්‍රශ්න විසදා ගැනීමටමෙම ශාස්ත්‍රය බොහෝ විට උපයෝගී කරගත හැකිය. ජ්‍යොතිෂ් ශාස්ත්‍රය දැනගෙන කටයුතු කරන්නා මගතොට තොරතුරු දැන තම ජීවිත ගමන යන්නෙකි.එය නොදැන කටයුතු කරන්නා මගතොට තොරතුරු නොදැන ජීවන ගමන යන්නෙකි.
                            සූර්යා මධ්‍යයෙහි සිටියදී ඒ අවට පිළිවෙලින් බුධ.ශුක්‍ර,පෘතුවිය, කුජ,ගුරු,ශනි,යුරේනස්,නැප්චුන්, ප්ලූටෝ ....යන ගුහයන් නව දෙනා පරාවර්ථනය වෙමින් භ්‍රමනය වන අතර චනුද්‍රයා පෘතුවිය වටා යමින් ඒ සමග සූර්යා වටේද යයි. සූර්යා ගමන් කරන්නාක් මෙන් පෙනෙන මාර්ගය ක්‍රාන්ති මාර්ගය ලෙසට නම් කර ඇත.සදු මෙම මාර්ගයෙන් දකුණු පස සිට උතුරු දෙසට මාරුවන ස්ථානයට රාහුද උතුරු පස සිට දකුණු පසට මාරුවන ස්ථානය වූ කේතුද යන ස්ථාන දෙකෙන්  එකකට දින 15 කට වරක් බැගින් පැමිනේ........
                      හදහන හෝ කේනද්‍රය යනු මෙතෙක් විග්‍රහ කරන ලද තාරකා පංතීන් සහ එ් අතරින් ගමන් කරන රවිි චන්ද්‍රා දී ග්‍රහ තාරකාවන් උපන් වේලාවට පිහිටා තිබෙන ස්ථාන රාශිභාව අංශක කලා විකලා වශයෙන් සදහකන් කර තිබෙන සටහනකි.
                        මෙසේ වූ ජ්‍යොතිශය සිද්ධාන්ත.සංහිතා සහ හෝරා යන කොටස් තුනකින් යුක්තය.සූර්යා චන්ද්‍රයා ආදී ග්‍රහයන්ගේ ගමන්,ග්‍රහ අස්ත,උදාවීම්,ග්‍රහන,වර්ෂ, සෘතු, මාස,සති,දින,ආදී කාල නියමයන්ආදී ගනිතමය කොටස් සිද්ධාන්ත ගණයට ගැනේ. මිනිසාගේ උපතේ පටන් මරණය දක්වා සිදුවන කොටස් සංහීතා කොටසට අයත් වේ. සුභා සුභ වේලාවන් නිශ්චය කරගැනීම සදහා යොදා ගන්නා කොටස් හෝරා යයි කියනු ලැබේ.
          මෙරට බොහෝ දෙනා වැඩි උනන්දුවක් දක්වන්නේ කේන්ද්‍රය බලා පලාපල කීම හෝ පලාපල දැන ගැනීම තත් කාලයෙන් ශාස්ත්‍රයක් කීම හෝ අසා දැන ගනීම ආදිය පිළිබදවය.ඔවුන් ජ්‍යොතෂ් ශාස්ත්‍රය කියා හදුන්වන්නේද එයයි. එය වැරදි අදහසකි.ජ්‍යොතිෂයේ ඉතා වැදගත්ම කොටස ගණිතමය කොටස ඇතුලත් වූ සිද්ධාන්ත නම් කොටසය.ගණන් වැරදුනහොත් අප කියන පලාපල ශුභ මුහුර්ත ආදී සියල්ල වැරදී යන්නේය.https://www.facebook.com/sujeewa.liyanage.5095?ref=tn_tnmn

පැරණි අත්බ‍ෙහත්
         පාරමි පරිකව පැවත එන‍ මෙම අත්බ‍ෙහත් වට්‍ ටෝරු ක්‍රම මේ වන විට ඉතා සීමිත පිරිසක් අතර පමනක් භාවිතා කරයි.‍ෙමය සමාජ ගත කිරීම මගින් තවත් පිරිසක් අතර ‍ෙමම ක්‍රම ජනප්‍රිය කිරීම මා ගේ අරමුණයි.‍ෙමමගින් කිසි‍ෙවක් මුදල් ඉපයීමක් කර ‍ෙනාගන්නා ‍ෙලස ඉල්ලා සිටිමි.
          දිය වැඩියා ‍ෙරා්ගීන්ට-
  • බා‍ෙගට ඉදුණු ‍ෙකාස් ‍ෙකාල.රණවරා මුල්.‍ෙවනිවැල් ගැට තමිබා බී‍ෙමන් මුත්‍රාවල සීනි අඩු කරයි
  • ‍ෙවනිවැල් ගැට ‍ෙබා්‍ෙපාතු තම්බා ගත් ජලයට සීනිද්ද මැලියම් කලං භාගයක් දමා බීමට ‍ෙදන්න..
           අත් පා ‍ෙවිදනාවට
  • ‍ෙවනිවැල්ගැට.පැපිළිය.‍ෙකාත්තමල්ලි තමිබා බීමට ‍ෙදන්න.
        දත් මුල් වලින් සැරව ගැලීමට
  •         ‍ෙවනිවැල්ගැට.එරබදු ‍ෙපාතු වියලි කහ තමිබා කට ‍ෙසා්දන්න.            
  • දද කුෂ්ට වලට
  • ඇහැල‍ෙකාල සහ මු‍ෙල් ‍ෙපාතු ම‍ෙනා්සීල මගුල්කරද ‍ෙපාතු සහ එම දළු අමුකහ තල සවිද ලුනු එලබටු මුල් කපුරැ ‍ෙමිවා එක පමන ‍ෙගන ‍ෙකාටා දලුක් පල්ලක් සාරා එහි තුල දමා උනාලුවෙන් තමිබා එම යුෂින් අඔරා ගානු
  • සැවැන්දරා මුල් වළගසාල් ගම්මිරිස් ම‍ෙනා්සීල වරා කි‍ෙරන් අඔරා ගානු.
  • මාන්දමට   
  •  හීන් උදුපියලිය යුෂ ගොටු‍ෙකාල යුෂ තල තෙල් දමා උණුකර හිස ගාන්න.
  • පනුවන්ට
  • ‍ෙවනිවැල්ගැට වළගසාල් අරළු කලං 2 බැගින් ‍ෙගන තමිබා ගත් ජලයට මීපැනි ස්වල්පයක් දමා බීමට දෙන්න 
      ‍ෙවනත් ‍ෙරා්ග කීපයකට     
  •     අට්ටික්කා ‍ෙකාල‍ෙකාටා යුෂ මිරිකා ගෑ‍ෙමන් ‍ෙල් යාම නවතියි දැවිල්ලටද යහපති
  • රාබු අල වතුරෙන් අඔරා රත්කර ග්‍රන්ති(කුද්දැටි) ඉදිමුමට ගෑ‍ෙමන් ගුන ‍ෙවි.
  • රාබු ඇට කරල් සහ ‍ෙබා් මුල් සමව ‍ෙගන වතු‍ෙරන් අඔරා හිස ගා නෑ‍ෙමන් ඉස්‍ෙහාරි නැති ‍ෙවි. 
  • රාබු අල ‍ෙපති ගසා වියලා වතුරෙන් අඔරා ගෑමෙන් ඉදිමුම බසී .අල යුෂරත්කර රත්කර කනට දැමී‍ෙමන් කන් කැක්කුම සුව ‍ෙවි
  • මුරැංගා ‍ෙපාතු හුබස් මැටිත් සමග එල මුත්‍රයෙන් අඔරා කකාරා ඉදිමුම සහිත වාත ‍ෙරා්ග වලට ආ‍ෙල්ප කිරී‍ෙමන් රැදාව හා ඉදිමුම නැති ‍ෙව්.
  • අරළු.‍ෙනල්ලි.හා බලල් ලුනු සමභාගව ‍ෙගන චූර්ණකර කලං භාගය බැගින් ක‍‍ෙටි දමා‍ෙගන වතුර ටිකක් ‍ෙබාන්න බඩගින්න ඇති ‍ෙවි.
  • ඔීලු මුල් කපුරැ සමව ගෙන අඹරා දත් මුල තබා ගැනී‍ෙමන් දත් අමාරැ නැති ‍ෙවි.
  • ලුනුවිල යුෂ ‍ෙමස හැදි 1යි.හාතවාරිය ‍ෙමස හැදි1යි.ජටා මාංස චූර්නය කලං භාගයයි එකට මිශ්ර කර ‍ෙදාවා ගත් රස්නය තිබියදීම එලකිරි පතක් සමග බී‍ෙමන් මතක ශක්තිය වැඩි ‍ෙවි.
  • රසකිද ‍ෙකාටා යුෂ මිරිකා පත භාගයක් එල කිරි සීනි දමා බී‍ෙමන් නි‍ෙරා්ගි භාවයත්.ශරීර ශක්තියත් වැඩි ‍‍‍ෙවි.එ‍ෙස්ම මුත්‍රා ‍ෙරා්ග ආමාශ ගත ‍ෙරා්ගනසයි.
  • මදුරැ තලා ‍ෙකාල යුෂ ‍ෙමිස හැන්දක් මීපැනි සමග උ‍ෙද් සවස බී‍ෙමන් ‍ෙහමිබිරි සාව කැස්ස සුව ‍ෙවි.
  • මදුරැතලා යුෂ ගෑ‍ෙමන් මීමැසි බඹර මැසි විෂ බසී.
  • කරවිල යුෂ මලබද්දය නසයි.දින 7පමණ උදෑසන බී‍ෙමන් ‍ෙබා‍ෙහා් ‍ෙරා්ග සුව ‍ෙව්.
පිළිස්සුමට
  •      හීන් උදුපියලිය යුෂ පත 1.අමු කහ යුෂ පත 1යි. තැඹිලි ‍ෙපාල්කරි පත 2යි. එකට වත්කර ලිප තබා උණුකර සිදී‍ෙගන එනවිට පිරිසිදු මීඉටි කලං12ක් දමා පදමට සිදුවා ගානු.
  • තැඹිලි ‍ෙතල් ‍ෙබා්තල් 1 යි.වතුර ‍ෙබාතල් 4 යි එකට කලවන් කර ලිප තබා මද ගින්‍‍ෙන් සිදවන්න.වතුර ප්‍රමානය සමිපූර්ණ‍ෙයන් සිදුනාට පසු පදම බලා බා නිවුනාට පසු ගාන්න.


පත්තෑ විෂට
  •               වද කහ අල .දෙහිගැට .දෙහි කොළ සමව ගෙන හොදට කොටා තම්බා ඉන් නැගෙන දුම දෂ්ඪ කළ මුඛයට පාන්න. එම රොඩු එම දියෙන් අඹරා මුඛයේ ගාන්න.
  •    පැනි දොඩම් කොළ සහ ගැට  ලුනු මේවා සමව ගෙන කොටා තම්බා ඉන් නැගෙන දුම මුඛයට පාන්න එම රොඩු එම වතුරෙන් අඹරා මුඛයේ ගාන්න
  කිහිල්ලේ එන ගෙඩි වලට   
  •  තල .එරඩු ඇට.නෙල්ලි.එක පමන ගෙන   බැද ගිතෙලින් අඹරා ගාන්න.
  • පුහුලු කොල ඇල්වතුරෙන් අඹරා ගාන්න.   
    ගල් තැල්මට 
  • අත්තන ගෙඩි 2ක් ගෙන එල මුත්‍රයෙන් තම්බා එල ගොම සමග අඹරා ගාන්න.
.    විසප්පුුවටලට
  •     දෙහි ගැට.අමුකහ.රතුළුණු.වැල්පෙනෙල කොල.දිය හබරල.එක පමන ගෙන පොල් ‍කිරෙන් තම්බා අඹරා ගාන්න. 
  •  බඩේ කැක්කුමට 
  •   සුදු ළුුණු තම්බා සියඹලා ඇඹුල් දමා පානය කරන්න
  • ඇස් වහ කට වහට 
  •  සතුන් ඇඩීමට පලමුව නැගිට කතා නොකර ගලා බසින දිය පාරකින් ජලය ගෙන ඊට කපුඇට.වී.මුං. තල.අබ.ඇට බැද දමා පහත මන්ත්‍රය 108 වරක් මතුරානු  ................................................................... ඕං ගංගා මූණෙ මූණී  සරස්වතී ගෞ චාරී ගොගධාරී අබ මායා කාරී කරථෙරී පර ගුරු කිත ගත ඊශ්වර වාවාං............https://www.facebook.com/sujeewa.liyanage.5095?ref=tn_tnmn



  •   සාර්ථක යුග දිවියකට කාම කලාවෙන් පිහිටක්


            විවාහ ජීවිතයට ඇතුළු වන ඇතුළුවීමට සිටින ස්ත්‍රී,පුරුෂ  දෙපිරිසම කාම කලාව පිළිබදව දැන සිටිය යුතුමය. සාරථක විවාහයක් සදහා යහපත් කායික සුවයක්ද, යහපත් මානසික සුවයක්ද අවශ්‍ය කෙරේ. කායික සුවය නිසි පරිදි  වින්දනයට නොලැබීමේ  හේතුවෙන් මානසික සුවයද හීනවී යයි.  බොහෝ විවාහ ජීවිත දෙදරා අවුල්වී ගොස් ඇත්තේ ලිංගික ජීවිතයේ අසාර්තක බව හේතු කොට ගෙනමය. ලිංගික ජීවිතය, සාර්ථක යුවලක් විවාහයෙන් වෙන් වුව හොත් එය අරුම පුදුම සිදුවීමක්ය.පුරුෂයා පරබුවන් කරා යොමු වන්නෙත්,ස්ත්‍රිය පරපුරුෂයන් කරා යොමු වන්වනත් ලිංගික ජීවිතයේ අසාර්ථක බව හේතු කොට ගෙනමය.ඔබත් අසාර්ථක විවාහ ජීවිතයක් ගෙවන්නේ නම් පළමුව කාම කලාව ගැන අවබෝධයක් ලබා ගන්න. සාර්ථක විවාහයක රහස සාර්ථක ලිංගික ජීවිතයයි.එබැවින් විවාහක ඔබට කාම කලාව දිව ඔසුවක් වනු ඇත.
                                 ශරීරය තුළ සැගවී පවත්නා කාම උද්දීපනය පිණිසත්,උද්දීපනය වූ කාමය වර්ධනය පිණිසත් කාම නිල ප්‍රයෝජනයට ගත හැකි වේ. තවද යම්යම් ශාරීරික දුබල තා හේතු කොට ගෙන නිසි පරිදි ලිංගික තෘප්තියක් නොලැබෙන පිරිසටද මෙයින් මහගු ප්‍රයෝජනයක් ලැබිය හැකිය.
                                සාමාන්‍යයෙන් පුරුෂයකුට ලිංගික තෘප්තිය ලැබීමට ගතවන කාල සීමාව මෙන් සත් ගුනයක කාල සීමාවක් ස්ත්‍රියක තෘප්තිමත් වීම සදහා ගත වේ. මෙම කාල පරතරය තරමක් දුරට මගහරවා ගැනීමට බුද්දිමත් පුරුෂයා කාම කලාව භාවිතා කළ යුතුය. යම් යම් දුර්වලතා හේතු කොට ගෙන හීන කාම වේගයක් ඇති පුරුෂයකු ඇති ස්ත්‍රියද කාම කලාව භාවිතා කළ යුතුවේ.                          
    ශරීරය පුරා පිහිටි කාම නිල ස්ථාන තිහක් කාම කලාවේ දැක්වේ. පවතින දිනය අනුව ශරීරයේ නියමිත නිල ස්ථානයෙහි සංවේදී බව අධික වේ. එම සංවේදී බව අධික නිල ස්ථානය එම අවස්ථාවේදී ඔබගේ ශරීරයේ පවතින  නිලය වේ. එම නිලය ස්පර්ශය,පිරි මැදීම,සිප ගැනීමආදියෙන් උත්තේජනය කළ විට ශරීරය තුළ සැගව පවත්නා කාමය උද්දීපනය වීඑයි. උද්දීපනයවී ඇති කාමය වර්ධනය වේ. කාම නිල භාවිතයෙන් චණ්ඩ කාම වේගයක් ඇති ස්ත්‍රියක් වුවද මෙල්ල කල හැකි වේ. මේ නිසා විවාහයකුට කාම කලාව දිව ඔසුවකි. කාමෝද්දීපනයට ඖෂධ භාවිතා කිරීමෙන් ශරීරයට හානි සිදු විය හැකි වුවද ග්‍රහ තාරකා බලය භාවිතා කර කාමෝද්දීපනය කිරීමෙන් ශරීරයට කිසිදු හානියක් ඇති නොවන බව සහතික කොට පැවසිය හැක.
                                 මී ළගට අපි බලමු කාම නිල පිහිටි ස්ථාන

                     චන්ද්‍ර මාසයක් ඇරඹෙන්නේ පුර පෑල වියෙනි ස්ත්‍රී ශරීරයක වම් අංශයේ මහපට ඇගිල්ලෙන් ඇරඹී හිස් මුදුන තෙක් ගමන් කරන කාම නිල නැවත චන්ද්‍ර මාසාවනයේදීදකුණු අංශයේ මහ පට ඇගිල්ලතෙක් ගමන් කෙරේ. පුරුෂ ශරීරයක කම් දකුණු අංශයේ මහපට ඇගිල්ලෙන් ඇරඹී, වම් අංශයේ මහපට ඇගිල්ල තෙක් කාම නිල ගමන් කෙරේ.චන්දු මාසයේ තිතිය අනුව ඔබට හිමි නිල සොයා ගත යුතුවේ.  
          දැන් අපි කාම නිල පිහිටන ස්ථාන දැන ගැනීමට උදාහරණයක් ගෙන බලමු.  1993 දෙසැම්බර් මස 17 වෙනි සිකුරාදා පස්වරු කාලයේදී කායිකව එකතුවන යුවලක් සදහා කාම නිල පිහිටන ස්ථාන සොයමු. දෙසැම්බර් 17 වෙනිදා පෙරවරු 10 පසු වී විනාඩි 49ට උදුවප් මස පුර ජලවක නම් වූ තිතිය ගෙවී පුර විශේනිය නම් වූ තිතිය ලැබේ. එය දෙසැම්බර්  මස 18 වෙනි සෙනසුරාදා  පෙරවරු 11 පසුවී විනිඩි 29ට ගෙවේ. පුර විශේනිය තිතිය A කියන යුවලගේ සදු ගමන් කරන අංශකය අනුව කලවා ප්‍රදේශයේ කාම නිල පිහිටන බව වටහා ගත යුතුයි. එකී කාම නිල පිරි මැදීම,මැඩීම, සිප ගැනීම ආදියෙන් උත්තේජනය කලවිට ශරීරය තුළ සැගවීඇති කාමය උද්දීපනය වී එනු ඇත. උද්දීපනය වූ කාමය වර්ධනය වනු ඇත. මෙතෙක් නිසි ලෙස විවාහ සතුට නොවිදි පිරිසට මෙම කාම කලාවේ උපකාරයෙන් උසස් තත්වයේ විවාහ සතුටක් ලැබීමට හැකිවනු  ඇත. එතුලින ජ්‍යොතිෂයේ හි වටිනාකම අවබෝධ කර ගැනීමටද හැකි වනු ඇත.කාම කලාවේ උපකාරයෙන් අවුල් වීගිය ජීවිතද, අවුල් වීමට ඇතිපවුල් ජීවිතද නිරවුල් කර ගැනීමට  සරණ ජ්‍යොතිෂ සේවය ඔබට උදවු කිරීමට සූදානම්ය.ඔබට කාම නිල පිහිටි ස්ථාන දැන ගැනීමට උවමනා නම් අවුරුද්දක් සදහා ඒඒ දිනවල ඔබගේ සහ ඔබගේ සහකාරියගේ කාම නිල පිහිටි ස්ථාන දැන්විය කිය.ඔබ කළ යුත්තේ sujeewaliyanage448@gmail.com වලට හදහන් වල පිටපත් හා ඔබගේ දුරකථන අංකය සමගඊමේල් එකක් එවීම පමණයි.




















     




    සාර්ථක යුග දිවියක් සදහා            

                              දැනට ව්‍යවහාරයේ පවතින පාරම්පරික පොරොන්දම්
    බැලීමේ ක්‍රමය සාර්ථක යුග දිවියක් පිළිබද සහතිකයක් වශයෙන් පිළි
    ගත නොහැකිය. එබදු පොරොන්දම් පරීක්ෂාවකින් පසු දෛවඥ අනුමැ
    තිය ලබා යුග දිවියට පත් බොහෝ දෙනා පහත දැක්වෙන අඩුපාඩු හෝ
    දුර්වල තාවලට මුහුණ පෑමෙන් ඔව්න්ගේ යුග දිවි අසාර්ථක වී තිබෙන
    බැව් දක්නට ලැබී ඇත.
    1.විවාහ ජීවිතයට ඇතුලු වී නොබෝ කලකින් එකකුගේ අකාල මරණය
    2.අංග විකලත්වය හෝ සෞඛ්‍යතත්වයේ පිරිහීම.
    3.ආර්ථික බිද වැටීම.
    4.සමගිය හා සමාදානය තුරන් වීයාම.
    5.දරු සම්පත් නොලැබී යාම.
    6.සැනසිලි දායක අනාගතයක් පිළිබද බලා පොරොත්තු බිද වැටීම.
          එනිසා විවාහපේක්ෂක යුවලගේ කේන්දර එකිනෙක පහත දැක්වෙන
    ශීර්ෂ යටතේ පරීක්ෂා කොට විවාහය පිළිබද සිය අනුමැතිය දීමට පෙරින්
    ඔවුන්ට සාර්ථක යුග දිවියක් ගතකළ හැකි බවට‍ ජ්‍යෙතිෂ්ශාස්ත්‍රඥයා ගෙන්
    දැන ගන්න.
     1.ආයුෂ 2.සෞඛ්‍යය 3. ආර්ථිකය 4. සමගිය හා සමාදානය 5.දරු සම්පත්




No comments:

Post a Comment

වෙන්වීම, දික්කසාදවීම, උසාවියාම
ඔබගේ කේන්ද්‍රයේ සත්වැන් රාශිය සහ ඒවායේ අධිපතින්ද කාරක ග්‍රහයන්ද පීඩනයට පත්වූ කල්හි සහ එයස්ම පාපී ග්‍රහයන් සමග හා දුර්වල ග්‍රහයන් සමග සංයෝග වූ කල්හි හෝ ඔවුන්ගේ බැල්මට හසු වූ කල්හි හෝ විවාහ ජීවිතය දුක්බර වන්නේය. දෙවෙන්, සතරවෙනි හා දොලොස් වෙනි රාශි විසින්ද විවාහ ජීවිතය පාලනය කරනු ලබන බැවින් එම රාශි සහ ඒවායේ අධිපතීන් පීඩනයට පත්වීමද විවාහ ..........වැඩි විස්තර සදහි පිවිසෙන්න http://saranaastrology.orgfree.com
http://saranaastrology.blogspot.com/2014/07/blog-post.html ‍