BED SHEET DESIGNS

BED SHEET DESIGNS
ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක ඇද අතිරිලිලක් සදහා මෙය ක්ලික්කරන්න

Saturday, May 23, 2015

ඉපැරණි බෙහෙත් වට්ටෝරු කිපයක්


        ඉපැරණි බෙහෙත් වට්ටෝරු කිපයක්                       (උපුටා ගැනීම -සිඩෞෂධ ලක්ෂය වටිනා ප්‍රණජීව පුස්තකය)




  සත්‍රීන්ට දරුවන් ලැබීම පිණිස නියමකොට තිබෙන ඖෂධයෝ නම් -
                   සමූල පත්‍රං සර්තාක්ෂි රවි වාරෙ සමුඬරෙත්
                   එක ර්ණාගවාක්ෂි රෛඃ කන්‍යාහස්තෙන පෙසයෙත්

                    සෘතු කාලේපි බෙ චන්ඩා ජලාර්ධ තත් දිනෙ දිනෙ
                    ක්ෂිරසාල්‍යන් නම්ද්ගච ලග්වාහාරං ප්‍රදාපයෙත්

* හිරු දවස්හි ඔලිද වැලේ සහ මුල් එක පාට එලදෙනෙකුගේ කිරෙන් කන්‍යා ස්ත්‍රියකු අතින් අඹරවාගෙන වඳ ස්ත්‍රී තොම සෘතු ගෙණ සිටි එය දවස අඩ පලමක් බැගින් බොන්නෙයි නොහොත් පලම බැගින් බෙන්නෙයි නියමව තිබෙන හෙයින් ශරීරය බලා දෙනු මැන.

ඔහුට කෑමට කිරිද . ඇල් සහලේ බත්ද . මුන්ද යන සැහැල්ලු ආහාර දෙන්නේය මෙ පරිද්දෙන් සත් දවසක් කන්නෙයි. මෙසේ කල කල්හි වඳ ස්ත්‍රී තොමෝ ගර්භිනී වෙයි. තැති ගැනීම් . භය සෝක වීමද දවල් නිදිද වැලැක්වි යුතුයි. කිසිම කර්මාන්තයක්  නොකර විමද යුත්තේය. දෙවෙනි මාසයහිත් පෙර කලා වූ ක්‍රියාවන් මෙන් කරවන්නේය. මෙසේ කල ස්ත්‍රිය හට ස්වාමියාගේ හක්වීමෙන් දරු ගැබ ලැබෙයි. මේ ඖෂධ ක්‍රියාව ගැන විචාරීමෙන් කම් නැත . ඒකාන්ත සත්‍යය යනු අභිප්‍රායි.

* එකම රුද්‍රාක්ෂ පලයක්ද ඔලිඳද තුන් කලඳක් ගෙන පෙර සේම එල කිරෙන් සෘතුගෙන සිටි කල්හි දෙන්නෙයි. ඕහට මහ ගනෙස්වර මන්ත්‍රයෙන් බෙහෙත් මතුරා දීම සහ ආරක්ෂාබැඳීමත් යුතුයි මෙසේ සත් දිනක් මේ ඖෂධය කරව කල්හි වඳ ස්ත්‍රී තොම පුත්‍රිනි වෙයි හෙවත් දරුවන් ලබයි.
මන්ත්‍රය - දදං මහ ගණපති රක්ෂාම ම්‍රතං දෙහී.(මේ මන්ත්‍රය ආචාර්ය වරයන් කරා පැමිණ සම්පූර්ණ කට යුතුයි.)

          පිරිමින් විසින් ස්ත්‍රීන් සතුටු කරවන බෙහෙත් ක්‍රමයි.
බලෙන් නාරි පරිතොස මෙනී
න හීන වීර්යය කුතොපි සෞඛ්‍යං

අතො බලාර්තිං සුරකප්ප්‍රියස්‍ය
වාජිං විධානං ප්‍රථමං තවිද්‍යාත්

පුරුෂයන්ගේ ශරීර බලය කරණකොට ගෙණ ස්ත්‍රී තොම සතුටු වෙයි. හීන වීර්ය ඇත්තා හට කිසි තැනෙක සැපයක් නැත්තේය. ඉක්බිති ස්ත්‍රී සංයෝගෙහි ප්‍රියවූවා හට සරීර බල වැඩීම පිණිස වාජීකරණ විධිය පළමුකොට දක්වන්නෙයි.
සස්වින්‍යාවට මන්දාකං සිරෛපිත්වා මහා බලං
නරශවටක ගචෙජචජ තධා මෛථූනාර්තනඃ

* අස්විද නැකතින් ගන්නා ලද නුග පිලිලය එල කිරෙන් පානය කොට ලබන ලද මහා බල ඇති මනුෂ්‍ය තෙම ගේ කුරුල්ලෙක් මෙන් මෛථූනය පිණිස සියක් වර නමුත් යන්නේය.

*පුසේ නැකතින් උදුරාගන්නා ලද එලවරා මුල් හෝ සාතාවාරිය හෝ එලකිරන් බොන්නෙයි එකල්හි වුර්ධයා තරුණයා වෙයි.

* කිරිබදු අල චූර්ණය එම  ස්වරයෙන් අව්වේ තබා භාවිතා කොට ගෙන මී පැණි ගිතෙල් මිශ්‍ර කොට ලෙහ කිරීමෙන් පිලිවෙලින් ස්ත්‍රීන් දස දෙනෙක් කරා යයි. හෙවත් යාමට පොහොසත් වෙයි.

*කිරිබදු අල කල්කය ගිතෙල් එලකිරි දෙකින් අට්ටික්කා ගෙඩියක් පමණ අනුභව කරනු . ඒ මනුෂ්‍ය තෙමේ වුර්ධ උනත් තරුණ පුරුෂයෙක් සමානයි.
බෝ ගෙඩිද එම මුල් පොතු ද යන මෙයින් කිරි මී පැණි සහිතව බීකල ගේ කුරුල්ලකු මෙන් දකිනු ලැබේ.

ලිංග වීර්ය්‍යකරණයට නියමකල සියලු බෙහෙත් මෙහි පහත සදහන් කරන මන්ත්‍රයෙන් මතුරා යොදනු
මන්ත්‍රය - ඕං නමේ භගවතේ උංමරෙස්වරාය සරසරප්‍ර සරප්‍රසර කුරු කුරු ස්වාහා ට

* කතුරුමුරුංගා කොල යුෂද මිපැණිද ගිතෙල්ද යන තුන් වර්ගය සමව ගෙන එයින් පුස්කර අඹරා ලේපය කොට සුරතියෙහි යෙදුනකල ස්ත්‍රීන් තෘප්තියකට පැමිණේ.

* නියඟලා අලයක් වතුනේ අඹරා අතේ ගාගෙන  අත ඇල්ලූ කල ස්ත්‍රීන් තෘප්තියට පැමිණෙයි.
මෙම මන්ත්‍රය මැතිරීමෙන් සාර්තකත්වය වැඩි වේ.

මන්තුය - ඕන් නමෝ භගවතේ රුද්‍රාය උං ඌං මහෙස්වරාය ද්‍රාවය ස්ත්‍රි නමාං මදං පාතයපාතය ස්ත්‍රීනාමං මදං පාතයපාතය ස්වාහා ටඃ ටඃ

ඌරු තෙල් මි පැණි දෙක එකට කළවම් කර එයින් ලිංග ලේපය කරනු මෙසේ මාසයක් රෑ දවල් දෙකේ නොකඩවා කලේ වී නම් ලිංග වීර්ය්‍ය කරයි.තවද ස්ථූලත්වද දීර්ග වෙයි.

* බින්තල් අල පිටි සහ තල පිටි  එකට යොදා අනුභව කරනු එයින්ද ලිංග වීර්ය්‍ය වැඩේ.

                                         ලිංග ශක්තිය වර්ධනය කරන  
                                 ශ්‍රීමත් මදනමෝදකය.
 ඇට සහිත කන්සා කොල ගිතෙලින් බැද කුඩු කොට තබා ඉගුරු, ගම්මිරිස් ,තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කර්කටක සිංගි, කොට්ටන්, කොත්තමල්ලි, සහිඳලුණු, හිගුරුපියලිය, තලිසපතුරු, ඇත්දෙමටමුලේ පොතු, නාමල් රේනු, අසමොදගන, වැල්මී උළුහාල් සුදු දුරු, කළු දූරු, යන මේවා එක සමානව ගෙන ඒ සියලු  බරට ඉහතින් කුඩුකොට තැබූ කංසාද ඒ බරට සූකිරි ද කංස සහ අනිත් බෙහෙත් චූර්ණර සූකිරි ඇල්වතුරෙන් දියකර ලිප තබා හැකි පමන ඝනවූ විට ලිපෙන් බාගෙන චූර්ණ කල බෙහෙත් සියල්ල ඊට මිශ්‍රකර ගිතෙල් මී පැණි සමග අනා කලන් එකහමාර පමණට ගුලි ගනු. තවද චූර්ණ කරනලද එන්සාල්, කුරුදු පොතු,කොල්ලන් කොල, කපුරු යන මේවා මිශ්‍රකර ගිතෙල් මිශ්‍ර බදුනක අහුරා උදය හවස එලකිරි සමග අනුභව කරනුතප්‍රමේහ 20ටදඉක්මනින් ධාතු පහවීම යනාදී ශරීර දුබල කමටද,ස්වප්ත මොචනය ආදී ධාතු හිනකරන අසනීප වලටද,හිතීම් යනාදියෙන් හෝ කථාකිරීම හැසිරීම යනාදියෙන් ධාතු චලනය වීමටද යනාදී නොයෙකුත් රොග සංසිදයි. කෑම කන්නට පුළුවන් වී ශරීරය පුෂ්ටිමත් කරයිත මේ සියළු ප්‍රමේහ රෝග වලටද ධාතු ශක්තිය පුෂ්ටිමත් වීමටද, මුත්‍ර ගායටද, ස්ත්‍රී යෞවනයටද, ශරීර බල වැඩීමටද, ඉතාම ප්‍රත්‍යක්ෂ ඖෂධය නම් ශ්‍රීමත් මදනමෝදකයම වෙයි....