ජ්‍යොතිෂය
මගින් කියවෙන පුද්ගල ඉරනම හා බුදුදහම
මිනිසා යන සත්වයා විවිධ දාර්ශනික හා ආගමික මතවාදයන්ට
අනුරූපව මිනිසා යන ප්‍රපන්චයක් වශයෙන් පෙන්වා දිය හැකිය. මෙම අති සංකීර්ණ ප්‍රපන්චය
ක්‍රියාත්මක වන ආකාරය සැළකිල්ලට ගැනීමේ දී එය ස්වාභාවික මානසික ක්‍රියාවලීන්
සමුදායක් තුළින් මෙහෙයවන භෞතික ශරීරයකින් සමන්විත වන බව දැක ගත හැකිය.
භෞතික වශයෙන් මිනිසා ඉන්ද්‍රිය පද්ධතියක එකතුවක් වශයෙන්
ගත හැකිය. එය විශ්ලේෂණය කිරීමේ දී පමණක්
වෙන් වෙන් වශයෙන් පවතියි. එසේ නොමැති අවස්ථාවන්හි දීඔහු හෝ ඇය පුද්ගලයෙක් වශයෙන් හඳුනාගත හැකි භෞතික ශරීරයකින් පෙනී සිටියි.
භෞතික ශරීරයේ ක්‍රියාකාරීත්වය මානසික ක්‍රියාකාරීත්වය මත
සිදුවෙයි. මානසික ක්‍රියාකාරීත්වයෙන් භෞතික ශරීරය අත් මිදුන විටක දී නැතහොත්
භෞතිකයෙන් මානසිකත්වය විසන්ධි වීමක් සිදුවන විටක දී භෞතික ශරීරය ක්‍රියා විරහිත
වෙයි.
මෙම තත්වය ආගමික පැහැදිලි කිරීමක දී දෙවියන් වහන්සේ නම් වූ පුද්ගලයෙකුගේ බාහිර මැදිහත්වීමක් වශයෙන්
අර්ථ නිරූපණය කර ඇති වබ දැකගත හැකිය. බෞද්ධ විග්‍රහයට අනුව පුද්ගලයෙකු හෝ
සත්වයෙකු වශයෙන් ගත හැකි දෙයක් නැති බව
කියවේ. නමුත් සම්මතය තුළ මිනිසා , පුද්ගලයා සහ සත්වයා යන ව්‍යවහාරය ක්‍රියාත්මක බව
බුද්ධ දේශනාව තුළින් කරුණු පැහැදිලි කර ගත හැකිය.
බෞද්ධ විග්‍රහයට අනුව මිනිසා ,පුද්ගලයා සහ සත්වයා ට
සිදුවන මෙම බාහිර මැදිහත්කරණය වශයෙන් අවස්ථා 5 ක් උපයෝජනය වන බව පෙන්වා දී ඇත. එය
නියාම ධර්ම වශයෙන් ක්‍රියාත්මක වන බව පැහැදිළි කර ඇත.
1.
බීජ - වෘක්ෂලතාදියෙහි පැවැත්ම
2.
සෘතු - කාලගුණික තත්වයන්ගේ බලබෑම
3.
චිත්ත - මිනිස් මනස
4.
කම්ම - මිනිස් මනසේ ක්‍රියාකාරීත්වය
5.
ධම්ම - ඇතිවීම,පැවතීම, නැතිවීම,ලොක පාලන
ධර්මතාවන්,ලෝකයේ සහ එහි පවතින චක්‍රීය
ස්වභාවය තුළ නිර්නායක.
මෙම ලෝක ධර්මතාවන් අවස්ථා 8ක ක්‍රියාත්මක
වෙයි. ලාභ,අලාභ,යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප, දුක් වශයෙන් ක්‍රයාත්මක වෙයි.
මෙහිලා සෘතු හා බීජ අවස්ථා දෙකට අමතරව තවත් අවස්තා තුනක් ක්‍රයාත්මක වෙයි. එනම්
චිත්ත, කම්ම, සහ ධම්ම යන අවස්ථා තුනයි.
මෙයින්ද චිත්ත සහ කම්ම යන අවස්තා දෙක වඩාත්
ගැඹුරින් පැහැදිළි කිරීමකට ලක්කර ඇත. මේ තත්වය බුද්දක නිකායේ කාණ්ඩ 15න් එකක් වන
ධම්ම පදයේ චිත්ත වග්ගය තුළින් දැකගත හැකිය.
ජ්‍යෙතිෂය මගින් කර්මයේ දෛවය ,චර්යා සහ
ආවේගයන්ගේ ගති සංකලන මනාව පැහැදිළි කරගත හැකිවේ. පුද්ගල ජීවිතයේ මානසික ක්‍රියාවලියේ
ප්‍රතිඵලයක් වශයෙන් කර්මය සහ කර්ම ඵලය යන අවස්ථා දෙකෙහි වංචක ධර්මතාවෙන් යුතුව
මතුවන කර්ම ඵලයේ ආධිපත්‍යට, ග්‍රහනයට පුද්ගලයා ගොදුරුවන ආකාරය දක්ෂ ජ්‍යොතීර්වේදියෙකුට
මනාව පැහැදිලි කර දීමට හැකියාව ඇත.
පුද්ගලයා, සත්වයා යන ප්‍රපංචය කෙරෙහි බලපාන
දෛවය නැතහොත් ඉරනම යන්න වෙනත් කිසිවක් නොව, පුද්ගලයා විසින්ම කරන ලද චේතනාත්මක ක්‍රියාවන්ගේ
ප්‍රතිඵලය වශයෙන් පෙන්වා දිය හැකිය. පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්,
ඇවතුම්, පැවතුම්, භවගාමී චර්යා සහ පුද්ගල ජීවිතය හා බද්ධ සෑම කරුණක්ම එහිලා ජ්‍යොතීෂය
මගින් පැහැදිළි කර ගත හැකි සේම අවබෝධ කර ගත හැකිය.
පුද්ගලයාට බලපාන ඉරණම ක්‍රියාත්මක වන
අවස්ථාවකදී එම ඉරණම කවර ආකාරයේ එකක් ද යන්න විමසා බැලිය යුතුය. පුද්ගලයාගෙන් පුද්ගලයාට
එය වෙනස් වෙයි.එහි පුද්ගල අනන්‍යතාවයක් දැකගත හැකිය. ජ්‍යොතිෂයේ එක් පැතිකඩක් ලෙස
මේ පුද්ගල ඉරණම පෙන්වා දිය හැකිය.
පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්,
ඇවතුම් පැවතුම් පුදුගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එය භවගාමී චර්යාවක් ලෙසින්
පුද්ගලයාට ක්‍රියාත්මක වීමේ දී භව අන්තර කාලය නැතහොත් භවාන්තරය නැමති තිමිරයෙන්,
අදුරෙන් වැසී පැවතීම හේතුවෙන් වර්තමාන පුද්ගලයාට සිය පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ
ගලා ඒම දැක ගත හැකිය.
නමුත් ජ්‍යෙතිෂය මගින භවගාමී චර්යාවක්
ලෙසින් පුද්ගලයාට ක්‍රියාත්මක වන මෙම පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්,
ඇවතුම්, පැවතුම්, ආදියෙහි පූර්ව කර්ම පථයේ විපාක ධාරාව විකේතන ක්‍රියාවකට ලක කොට
පූර්ව කර්ම පථයේ ස්වභාවය දැක ගත හැකිය.
පුද්ගල පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම
විකේතන ක්‍රියාවලියක් මගින්පරීක්ෂාවට ලක් කළ යුත්තේ ඇයි ද? යන ප්‍රශ්නය වැදගත්
එකකි. පටිච්ච සමුප්පන්න ආර්ය සත්‍යය තුළ දැකගත හැකි ද්වා දස හේතු ප්‍රත්‍යයන්
අවිද්‍යාව නැමති මෙම චක්‍රෙය් ස්වභාවය නොදැක හිදීම වටා චක්‍රයකආකාරයෙන් ක්‍රයාත්මක
වෙයි. අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා වඤ්ඤාණං, ...තන්හා
පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ
දෝමනස්සුපායාසා සංභවන්තී..., මෙම තත්වය තේරුම්ගත යුත්තේ ඇයි ද? යන ප්‍රශ්නය
නැතහෙත් විකේතන ක්‍රියාවලියක් මගින පුද්ගල පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම
පරීක්ෂා කළ යුත්තේ ඇයි ද? යන ප්‍රශ්නයට නිවැරදිම පිළිතුර වශයෙන් මෙම තත්වය
පෙන්වාදිය හැකිය.
හුදු ජීවන පලාපල කථනයකට පමණක් ජ්‍යොතීෂය
සීමා කර තැබීම අප අනුමත නොකරමු.මෙයට හේතුවනම් පුද්ගල කර්ම පථයේ විපාක ධාරාවේ ගලා
ඒම පරීක්ෂා කළ යුත්තේ ඉරණම ලියවී ඇති ආකාරය බලාගැනීම සදහා පමණක් නොවේ. අතීතයට ගොස්
අතීතයේ අපට කරගත නොහැකි වූ දේ සහ අපට වැරදුන තැන් සකසා ගැනීමේ ප්‍රධාන
අපේක්ෂාවෙනි.
අප ඔබට ආරාධනා කරනුයේ ජ්‍යොතීෂය ඇසුරුකොට පුද්ගල කර්ම පථයේ විපාක
ධාරිවේ ගලා ඒම පරීක්ෂාවට ලක්කර ගන්නා ලෙසයි
No comments:
Post a Comment
වෙන්වීම, දික්කසාදවීම, උසාවියාම
ඔබගේ කේන්ද්‍රයේ සත්වැන් රාශිය සහ ඒවායේ අධිපතින්ද කාරක ග්‍රහයන්ද පීඩනයට පත්වූ කල්හි සහ එයස්ම පාපී ග්‍රහයන් සමග හා දුර්වල ග්‍රහයන් සමග සංයෝග වූ කල්හි හෝ ඔවුන්ගේ බැල්මට හසු වූ කල්හි හෝ විවාහ ජීවිතය දුක්බර වන්නේය. දෙවෙන්, සතරවෙනි හා දොලොස් වෙනි රාශි විසින්ද විවාහ ජීවිතය පාලනය කරනු ලබන බැවින් එම රාශි සහ ඒවායේ අධිපතීන් පීඩනයට පත්වීමද විවාහ ..........වැඩි විස්තර සදහි පිවිසෙන්න http://saranaastrology.orgfree.com
http://saranaastrology.blogspot.com/2014/07/blog-post.html