මේ අවුරුද්ද මට කොහොමද
අවුරුද්දක් ලබන විට ජ්‍යෝතිර් වේදීන්ට වැඩ අධික කාලයක්.
මිනිසුන් හුරුවෙලා තියෙන්නෙ අළුත් අවුරුද්දක් ලබන විට අලුත් ග්‍රහ තත්වයක්
නිර්මානය වෙලා අපේ ජීවන රටාවෙ වෙනසක් ඇති වෙනවා කියාය.ඉතින් අපි අපේ ජ්‍යොතිර්
වේදියා ළගට හෝ ජ්‍යෝතිෂ පත්තර අරගෙන අපේ ලග්නයට අදාලව ලබාපු අවුරුද්ද කොහොමද කියලා
බලා ගන්නව.
මේක සම්පූර්ණයෙන්ම බොරුවක්.මේ මතය සමාජ ගත කරපු නිසා
මෙයින් මිනිසුන් මුදව ගන්න හරිම අමාරුයි. ඒ නිසා මේ ජනප්‍රිය ජ්‍යොතිෂයකොටසකගේ බඩ
ගෝස්තරය වෙනුවෙන් මිනිසුන් මුලාවට පත්කරල
අවසන්.
නමුත් සැබෑ ජ්‍යොතිෂයෙ එනම් වේදයේ සදහන් කර ඇති පරිදිනම්
අවුරුදු උදාවෙදී තමන්ගේ ලග්නයට පලාපල කීම නොව තමන්ගේ උපන් දිනයට අදාලව උපන්
වේලාවෙදී අදාල තිතියට අනුව මේ අවුරුද්දේ මගේ උපන් දිනය යෙදෙන දිනට උපන් දා තිතියට
සාපේක්ෂව කවදාද එය උදාවෙන්නේ කියා බලා එදා සිට ඊ ළග උපන් දිනය තෙක් මට කොහොමද බලපාන්නෙ
කියා සම්පූර්ණ විග්‍රහයක් ලබා ගත හැකියි.
තිථි යනු සූර්‍ය/චන්ද්‍ර දෙදෙනාගේ දුරස්තර බවයි.තිතිය
යනු පුද්ගලයාගේ ශ්‍රියාව වර්ධනය සදහා සෘජුව භාවිතා කළ හැකි ආධ්‍යාත්මික විශ්ව
ශකියක් ජනනය වන අවස්තාවකි. එය පුද්ගලයාට පුද්ගලයාගේ පාප ශෝධනය සමග ඔහුට හෝ ඇයට මෙම වර්ශයේ තිථි ප්‍රෙවේශයේ සිට
මී ළග වර්ශයේ තිථි ප්‍රෙව්ශ කාලය දක්වා කාලය තුල පූර්ව කර්මයන්ගෙන් ඇතිවන විපාකයන්
සමනය කර ගැනිම සදහා එහි හිමිකාරීත්වය පවතින භාරකාරත්වය ඇති දේවත්වය නැමදීම හරහා
ඉදිරි වර්ෂය තුල ආර්ථික , සමාජීය වශයෙන්
ජන්මියාට කාර්‍ය සිද්ධිය ලගාකර ගත හැකි වන්නේය.
මේ සදහා අප උපන් තිතියට සමාන අගය පවතින්නෙ කොතනදී දැයි
අප ගණනය කර ගත යුතුයි
උදාහරණයකින් විස්තර කරනවාම්
Date: June 6, 1967
Time Zone: 5:30:00
(East of GMT)
Place: 80
E 32' 00", 5 N 56' 00"
Tithi: Krishna Chaturdasi
(Sk) (80.23% left)
අව 29වන................ තිතියයි. මෙයට සාපේක්ෂව 2016 අවුරුද්දේ තිති ප්‍රෙව්ශය ගත්විට
Date: June 3, 2016
Time: 19:21:03
Time Zone: 5:30:00
(East of GMT)
Tithi: Krishna Chaturdasi
(Sk) (80.23% left)
2016/6/3 දින පස්වරු 7.21 ට උපන් තිතියට අදල මෙම වර්ශයේ
තිතිය උදා වේ. අප ජ්‍යොතිෂයට අදාලව නම් උපන් දිනය සැමරිය යුත්තේ මේ දිනය වේ. මේ මෙහොතේ
පිහිටන ග්‍රහ සටහනේ ග්‍රහයන්ගේ බලය අනුව ඉදරි තිථි ප්‍රෙව්ශ වර්ශය තෙක් ක්‍රියාත්මක
වේ.
විශේෂයෙන් මෙම තිථි ප්‍රෙව්ශය තුල පල දීමට ඇති යෝග හදුනා
ගත යුතු අතර එම යෝග ක්‍රියාත්මක කරවීම හෝ පාලනය කිරීමට ජ්‍යොතිර් වේදියාට හැකියාව
පැවතිය යුතුයි.
උදාහරණයක් වශයෙන්
ඉහත උපන් දිනය ඇති අයගේ 2016 වර්ෂයේ තිථි ප්‍රෙව්ශයට අදාලව පහත සදහන් යෝග
ඇත.
Yoga Results
ascribed to yoga
යෝගය ප්‍රතිපල
Vosi Skillful, charitable and learned
Sunaphaa Intelligent, wealthy and famous
KedaaraNaabhasa yoga - throughout life Happy, wealthy, helpful and may
be an riculturalist
Sankha Wealth, good spouse and
children, kind, pious, intelligent, long-lived
Harsha Happy, strong, good-natured, invincible
Vimala Noble, frugal, happy and independent
Brahma (2) Happy,
learned, blessed with wealth and children
Yogada Power and authority
Rajayoga Prosperous
Viparita Raja Yoga Success after pressures or someone else's losses
Raja Sambandha Important person in a king's court
Raja Sambandha Very intelligent minister
Raja Sambandha A famous minister
Raja Sambandha An associate liked by a king
Raja Sambandha Association with
and money from kings
මෙම යෝග ක්‍රියාත්මක වන්නේ මෙදිනට පිහිටි ග්‍රහ සටහනට
අනුව වේ. සමහර විට ග්‍රහ සටහනට අනුව මෙම යෝග ඉබේ ක්‍රියාත්මක නොවීමට පුළුවන්.එය ක්‍රියාත්මක
තලයට ගෙන ඒමට දක්ෂ ජ්‍යොතීර් වේදියකුට හැකියාව ඇත.
ජනප්‍රිය යැයි කියන බොහෝ ජ්‍යොතිර් වේදින්මේ
සම්බන්ධයෙන්කිසිවක් පවසන්නේ නැත. එයට හේතුව මේ සදහා ගණනය කිරීම් රාශියක් කළ යුතු
නිසාය. නමුත් ජ්‍යොතිෂය පිළිගන්නා මිනිසුන්ට සැබෑ දෙය පැවසිය යුතුය. ඒ වගේම එම අයට
සැබෑ ලෙසම පිහිට විය යුතුය. යම් විධියකින් ඉහත සදහන් පුද්ගලයාට මෙම වර්ශය තුල පල
දීමට ඇති ඉහත යෝග ක්‍රියාත්මක කරවීම තුලින් අදාල පුද්ගලයා ලබන ආත්මීය සතුට මෙම
සමාජයේම මිනිසුන්ට ලබා දීමට හැකිනම් ඔව්න් සැබෑ ජ්‍යෝතිර්වේදින් වේ.
විශේෂයි
ඔබගේ අදහස් යෝජනා හා විවේඡන පමනක් මෙහි සදහන් කරන්න.ඔබගේ
ගැටළු අපට පැවසීමට ඇත්නම් අපගේ දුරකථනයට කතා කරන්න.(0714438654)