BED SHEET DESIGNS

BED SHEET DESIGNS
ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක ඇද අතිරිලිලක් සදහා මෙය ක්ලික්කරන්න

Monday, August 3, 2015

 නිවසක් තැනීමේදී මේ ගැනත් හිතන්න




ඔබගේ නිවස තුල ඔබට සතුට සාමය සමගිය හා මානසික තෘප්තිය නැත්ද?එසේනම් එය නිවස ඉදිකිරීමේ දී වූ අතපසු වීමක් හෝ නිවසේ වර්ගථලයේ වෙනස් වීමක් විය හැකිය. එසේ වූ විට ‍නිතර නිතර ලෙඩ ,අඩදබර,මුදල් අගහිගකම්,මානසික පීඩනය...... ආදී ගැටලු වලට මුහුණ දීමට සිදුවේ. මෙය වලක්වා ගැනීමට නිවස වාස්තු විද්‍යත්මක පරීක්ෂාවකට ලක්කරවා ගන්න.

නිවසක් තැනීමේදී මේ ගැනත් හිතන්න

යමකු නිවසක් තනන්නේ තම ජීවිත කාලය තුළත් ඉන් අනතුරුව ඉදිරි පරම්පරාවක් හෝ පරම්පරා දෙකතුනක් එහි නිරුපද්‍රිතව ජීවත් වීමේ අපේක්ෂාවෙනි. එහි අර්ථ, ධර්ම, කාම, හා මෝක්ෂ යන චතුර් වාර්ගික සම්පත් ලබාගත හැකි සාධකයන් තිබිය යුතු බව ද අනිවාර්ය වේ.මේ සදහා පදනම ලෙස සලකනු ලබන්නේ අදාල නිවසේ වර්ග ඵලයයි. දීඇති නියමිත දිග පළල වෙනස් වීමෙන් මෙම වර්ග ඵලය වෙනස් වී නිවසේ ශුභ අශුභ තත්වය ද සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක.(කපරාරුව අගල් දශමයකින් හෝ අඩු හෝ වැඩි වුව හොත් නිවසේ වර්ගඵලය වෙනස් වේ

වාසයට සුදුසු ගම

සමහරුන්ට උපන් ගම අපලය. වෙන ගමකට ගිය කල දියුණු වේ.සැප-සම්පත් ලැබේ.සමහරු උපන් බිමේඇති ඉඩකඩම් අතහැර දමා පිට ප්‍රදේශ වල ඉඩකඩම් ගෙන උසස් තත්වයක් ලබා ප්‍රසිද්ධියට පත්වේ.අද ලෝකය දෙස බැලීමෙන් එය මනාව වැටහේ.ඔබේ ගමේ වාසය කරන පිට ගම්වලින් පැමිණ දියුණුවූ අය ගැනත්, ඔබේ ගමින් පිට ගොස් ජීවත්වන අය ගැනත් හිතන විට මෙය මනාව ඔප්පු වේ.
ඔබේ ගමේ ගෙයක් සෑදීම ඔබට සුදුසුද? නැත්නම් සුදුසු ගමක් සොයා ගන්නේ කෙසේදැයි දැන ගන්නා ක්‍රම ජ්‍යෙතිෂයේ සදහන්ව ඇත.
1. මේ සදහා අවශ්‍ය වන්නේ ගෙය සාදන අයගේ නමට එන අකුරු,ගමේ නමට එන අකුරු සංඛ්‍යාවත් ගෙය සෑදීමට බලාපොරොත්තු වන ගමේ දිශාවත් වේ. ඔබ ගෙයක් සෑදීමට බලා පොරොත්තු වන අයකුනම් ඔබගේ ජ්‍යොතිෂ වේදියා හමුවී ප්‍රථමයෙන්ම ඔබ ගෙය සෑදීමට සිතා සිටින ගම ඔබට යා දෙන්නේදැයි දැනගන්න.

නිවසක් සෑදීමේදී අනුගමනය කළයුතු වැඩපිළිවෙල

වාස්තු විද්‍යානුකූලව අංග සම්පූර්ණ දෝෂ රහිත නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍යනම් මනා සංවිදානාත්මකව පියවරින් පියවර ක්‍රමවත්ව නිවස ගොඩ නැංවීමේ කටයුතු ඉටුකළයුතුය. එවිට එම නිවසින් නිවැසියන්ට සාමය,සතුට,සැප,සම්පත, හිමිවන්නේය. එබැවින් පළමුවරට නිවසක් සාදන්නන් විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන කාර්යයන්ගේ අනුපිළිවෙළ කෙටියෙන් මෙසේය.
1. නිවසක් ඉදිකිරීම සදහා ඉඩදක් මිළයට ගන්නේ නම් ඉඩමේ හැඩය ගැනද සැළකිළිමත් විය යුතුය.සුභඵලදායක හැඩයකින් යුත් ඉඩමක් ම්ළට ගැනීම යෝග්‍යය. ඉඩම් කට්ටිකර විකුණන අවස්ථාවලදී එයින් කොටසක් මිළයට ගන්නේනම් එලෙස යහපත් හැඩයකින් යුත් ඉඩම් කැබැල්ලක් මිළට ගත යුතුය.
2. ඉඩමේ පස පරීක්ෂාවක් කළ හැකිනම් එයද ඉතා වැදගත්ය. බොහෝවිට මෙය අසීරුවිය හැකිය.එයට හේතු වන්නේ ඉඩමක් මිළට ගැනීමට ප්‍රථම පස පරීක්ෂා කිරීම අසීරුවන බැවිනි. කෙසේ හෝ එයද ඉටුකළ හැකිවම් එය නිවසේ යහපත උදෙසා වන බව වාස්තු විද්‍යානු කූල නියමයකි.
3. නිවසක් සෑදීම සදහා එම ස්ථානය ආශ්‍රිත පරිසරයගැන සැළකිළිමත් විය යුතුය.වාස්තු විද්‍යාවේ සදහන් වේද දෝශ රහිතව පහසුවෙන් නිවස ඉදි කිරීමට හැකියාව ඇද්දැයි භූමිය අනුව තීරණය කළ යුතුය.
4.නිවස එම ස්ථානයේ අඩු වියදමින් සෑදිය හැකිද යන්නද විමසිය යුතුය. හෙල් ,ගල්. සහිත මඩ සහිත ස්ථාන නිවාස සෑදීමට අසීරු මෙන්ම විවිධ දොෂවලට ලක්වේ.එමෙන්ම එවැනි ස්ථානවල නිවාස සෑදීම අධිකව වියදම් වේ.
5.නිවාස හිමියාගේ හදහන පරීක්ෂාවට භාජනය කර තමන්ට නිවසක් සෑදීමට ඉදිරි කාලය ගැලපේද? බාධා රහිතව නිවස ගොඩ නැංවීය හැකිද? යන්න තීරණය කළ යුතුය.ඉන්පසු තමාට ගැලපෙන නැකතක් සාදා ගෙපලේ වැඩ ඇරඹිය යුතුය.
6. නිවස ගොඩ නංවන ස්ථානයට යම් කිසි යක්ෂ,ප්‍රේත,භූතාදීන්ගෙන් බලපෑම්,තමාට සතුරුකම් කරන අයගේ බලපෑම් ඇතිවය හැකි බැවින් ඒ සදහා ද ආරක්ෂක ක්‍රම සලසා ගැනීම ද යෝග්‍ය වේ.
7. බහිරව පූජාවක් කළ යුතු වේ. ඇතැම් අය ගෙපළ කැපීමේදී බහිරව පූජා පවත්වන අතර තවත් සමහර අයනිවසට මුල්ගල තැබීමට ආසන්නයේ කරති. ගෙපළ කැපීමට ප්‍රථම බහිරව පූජා දීම සුදුසුයැයි හැගේ.
8. ගෙපළ වාස්තු විද්‍යානුකූලව පරීක්ෂා කරවා ගැනීම.
9. නිවස සාදන ස්ථානයට ගැලපෙන පරිදි නිවාස සළැස්මක් සකස්කර ගැනීම.
10. නිවාස සැළැස්මද වාස්තු විද්‍යානුකූලව පරීක්ෂා කරවා ගැනීම
11. නිවසේ මුළු සැළැස්මෙන් කොටසක් සාදා පදිංචියට,අදහස් කරන්නෝද සිටිති. එවැනි අවස්ථාවලදී ප්‍රථමයෙන් සාදන කොටස ද තමාට ගැලපෙන දිග පළලින් යුක්ත විය යුතුය.
12. නිවස සෑදීමට අවශ්‍ය ගෙඩනැගිලි ද්‍රව්‍ය රැස්කරගත යුතුය. අවශ්‍ය සියලුම ද්‍රව්‍ය එකවරම රැස්කරගත හැකිනම් ඉතා හොදය.
13. ද්‍රව්‍ය මිළදී ගැනීමට ද සුභ මූහුර්තියක් සාදා ගැනීම
14. දොර ජනේල,උළුවහුද කලින් සාදවා ගැනීම කළ යුතුය.
15. අත්තිවාරම සදහා ලණු ඇදීම,අත්තිවාරම් කැපීම, මුල්ගල තැබීම යන කරුණු සදහා සුභ මුහුර්තියක් සාදවා ගැනීම.
16. ගොඩනැගිල්ලේ බිත්ති බැදගෙන යන අතර බිත්තිවල කුරුස ලකුණු,මෙන්ම ගිනි කතිරය,මරු සුලම ආදී දෝෂ පිහිටීම විමසා බැලිය යුතුය.
17. සැලැස්ම අනුවම බිත්ති,දොර,උළුවහු ආදිය පිහිටන්නේදැයි බිත්ති බැදීමට ප්‍රථම පරීක්ෂා කළ යුතුය. මෙය අත්තිවාරම දැමීම අවසන් වීමෙන් පසු ද බැලිය හැක.
18. උළුවහු තැබීම සදහා සුභ නැකතක් සාදවා ගත යුතුය.
19. බිත්ති අවසන්වීමට ආසන්නයේ දැව තැබීමට සුභ නැකතක් සාදවා ගත යුතු වේ.
20. වහළ ගැසීමේ දී දොෂ සිදුවේදැයි පරීක්ෂා කාරී වීම සුදුසුය.
21. වහළ ගැසීමෙන් පසු දොර ජනෙල් සවිකිරීම, බිම සකස් කිරීම කළ යුතු වේ.
22. නිවසට ගෙවදීමේ සුභ නැකතක් සාදවා ගත යුතුය.
23. ගෙවදීම සදහා වූ සියළු චාරිත්‍ර විධි පවත්වා නිවසේ පදිංචි විය යුතුය.
24. පදිංචියෙන් පසු ද ශාන්ති කර්ම කළ යුතුය.(පිරිත්)

නව නිවසක වැඩ ආරම්භ කිරීම

මේ යටතේ අත්තිවාරම් කැපිම සදහා ලණු ඇදීමේ සිට එම නිවසේ පදිංචි වීම තෙක් වන සියලුම කාර්යයන්සැළකිල්ලට භාජනය කරනු ඇත. ඒ අනුව
1. නිවාස සැලැස්ම දිශාගත කරගැනීමසදහා ලණු ඇදීම.
2. අත්ති වාරම් කැපීම.
3. මුල් ගල තැබීම
4.බිත්ති පිරීම
5. උළුවහු, ජනෙල් සවිකිරීම හා උළුවහු පැනීම.
6. වහළ ගැසීම
7. නව නිවසේ පදිංචියට යාම
8. බීමට ජලය ලබාගැනීම සදහා ළිං කැපීම ඇතුළු ප්‍රධාන කාර්යයන් රාශියක් මීට අයත් වන අතර මේ සියලුම වැඩකටයුතු සුබ මොහොතින් ආරම්භ කළ යුතු යැයි වාස්තු විද්‍යාවේ සදහන් වේ.

නිවාස දෝෂ

වාස්තු විද්‍යාවේදී දක්නට ලැබෙන දෝෂ රාශියක් දක්නට ලැබේ. එනම්
1. නිවසක අවශ්‍ය ප්‍රමාණයට වඩා කවුලු ඇති ජනෙල් නැති වීම නිවසට සිදුවන දෝශයකි.‍ මෙම දෝශය නිසා නිවැසියන්ට රෝග වැළදීම සිදු වේ. එය අන්ධක දෝශයයි.
2. ජනෙල් නොමැති ගෙයක් ඇත්නම් එම ගෘහය කාණ දෝශ සහිත ගෙයකි.එම නිවැසියන් අන්ධ භාවයට පත්වීම තරම් දෝශ ඇතිවේ.
3. ගෙයකට තිබිය යුතු අංශවලින් තොර නිවසක දක්නට ලැබෙන වේධ කුබ්ජ වේධයයි. මේ නිසා එම ගෘහයේ වෙසෙන අයට කුෂ්ඨ රෝගවැනි චර්ම රෝග සෑදේ.
4. පෘථිවි ද්වාරයකින් යුක්තව ඇති නිවසක දක්නට ලැබෙන වේධ දෝශය වන්නේ බධීරකයයයි. මේ නිසා මෙම ගෘහයේ වාසය කරන්නන් සියලුම දුක්වලට මෙන්ම මරණයට පත්වන දෝෂ ඇති වේ.
5. ජනේල බොහොමයක් ඇති නිවස දිග්වක්ක නම් දෝශයට අයත්ය.මෙම නිසා එම ගෘහයේපදිංචි වන්නන් අතීසාරය වැනි රෝග වලට ගොදුරු වේ.
6. ඉතා මිටි වූ නිවාස වීපිට වේධයට අයත්ය.මෙම‍ දෝශය සහිත නිවාසවල වසන්නන් නින්දිත ලෙස ජීවිකාව ගෙන යති.
7. අවලස්සන ස්වරූපයක් ගෙනදෙන නිවස ව්‍යාඩගජ නම් දෝශයට යටත්ය. මෙම නිවාස වල පදිංචි වන්නන් හීනවන තත්වයකට පත්වේ.
8. යම් නිවසක දෙපැත්ත උස් වී ඇත්නම් මුරජ නම් දෝශයට යටත් වේ. මේ නිසා එම නිවසේ වසන්නන් දිළිදු බවට පත්වේ.
9. දිග නොවූ නිවස කුටිල වේධය යැයි පැවසේ. එම නිවාසවල පදිංචි වන්නන් විනාශ වේ.
10.ශංකපාල වේදය සහිත නිවසක් සිටින්නන් අවලස්සන වේ.
11. දිශාවන්ට ගැලපෙන පරිදි නොමැති, දිශා වෙනස් වූ නිවස විකට වේදයට අයත් වේ.එම නිවස දරුවන් නැසීම සිදුවන ඵල විපාක වේ.
12. නිවසක පැත්තක් අඩුවන ලෙස සාදා ඇත්නම් එම නිවස කංක වේධයට අයත් නිවසකි. එහි සිටින්නන් ශූන්‍ය බව ඇතිවේ.
13. නිවසක් නගුලක් මෙන් උස්වඇත්නම් එම නිවස කෛංකර වේධයට අයත් නිවසකි. මෙම නි‍වසේ වසන්නන්ට දිළිදු බවද,ස්ත්‍රී හානියද සිදු වේ.

ඉඩම පාද බෙදා වෙන් කිරීම

නිවසක් ඉදිකිරීම සදහා යෝග්‍ය භූමියක් නිශ්චය කරගත් පසු එම භූමි භාගයේ කුමන කොටස තුළ නිවස ඉදිකරනවා ද යන්න තීරණය කරගැනීම සදහා අදාල ඉඩම බ්‍රහ්ම, දේව, මනුෂ්‍ය, හා ප්‍රේත යන පාද හතරට බෙදා ගැනීම කළ යුතුය.පාද බෙදීමේ කාර්යයයේ දී වාස්තු විද්‍යාඥයාට විවිධ සාධක මුල් කර ගෙන සූක්ෂම නිරීක්ෂණයක් කිරීමට සිදු වේ.
පර්චස් 10කුඩා ඉඩම් කැබැල්ලක ඉඩ මදි කම නිසා පාද බෙදීමත් කිරීම අමාරු කටයුත්තකි. එසේ වුවත් මෙම ඉඩම් වල හරි මැද ගිණි කතිරය මග හැරීමත් හැකිතාක් දුරට දේවපාදයට අසුවන පරිදි නිවසේ අත්ති වාරම දැමීමත් සිදුකළ යුතුය.

නිවාස වර්ග කිරීම හා පොරොන්දම් පරීක්ෂා කිරීම

යමකු නිවසක් තනන්නේ තම ජීවිත කාලය තුළත් ඉන් අනතුරුව ඉදිරි පරම්පරාවක් හෝ පරම්පරා දෙකතුනක් එහි නිරුපද්‍රිතව ජීවත් වීමේ අපේක්ෂවෙනි. එහි අර්ථ, ධර්ම, කාම, හා මෝක්ෂ යන චතුර් වාර්ගික සම්පත් ලබාගත හැකි සාධකයන් තිබිය යුතු බව ද අනිවාර්ය වේ.මේ සදහා පදනම ලෙස සලකනු ලබන්නේ අදාල නිවසේ වර්ග ඵලයයි. දීඇති නියමිත දිග පළල වෙනස් වීමෙන් මෙම වර්ග ඵලය වෙනස් වී නිවසේ ශුභ අශුභ තත්වය ද සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක.(කපරාරුව අගල් දශමයකින් හෝ අඩු හෝ වැඩි වුව හොත් නිවසේ වර්ගඵලය වෙනස් වේ). මේ අනුව
1. ආය වර්ගීකරණය අනුව නිවාස වර්ග කිරීම ආය වර්ග අටකි. ඉන් සුබ ආය වර්ග වලට වැටෙන සේ නිවසේ වර්ගඵලය සැකසිය යුතුය.

නිවසක සුබ අසුබ සොයන් ක්‍රමය එකාදශ පොරොන්දම

1. අය පොරොන්දම
2. වැය පොරොන්දම
3.යෝනි පොරොන්දම
4. නැකත් පොරොන්දම
5. දින පොරොන්දම
6. අංශක පොරොන්දම
7. රාශි පොරොන්දම
8. තිථි පොරොන්දම
9. වංශ පොරොන්දම
10. දේවතා පොරොන්දම
11. ආයුෂ පොරොන්දම
නිවසේ වර්ගඵලය අනුව ඉහත පොරොන්දම් වලින් වැඩි ප්‍රමානයක් ගැලපෙන නිවස වාසයට සුදුසු නිවස වේ.

අපගේ සේවාව ඔබට අවශ්‍ය නම් swliyanage@gmail.com වෙත මේල් එකක් එවන්න.(ඔබගේ දුරකතන අංකය සමග)

Sunday, July 12, 2015

විශව ශක්ති බලය උපයෝගී කරනෙ ඔබගේ තුන්වෙනි ඇස පුබුදුවා ගන්න

විශව ශක්ති බලය උපයෝගී කරනෙ ඔබගේ තුන්වෙනි ඇස පුබුදුවා                                                              ගන්න

තුන්වෙනි ඇස කියන්නේ කුමක්ද?
 අප ජීවත් වන කාලය තුල අපගේ ආත්මය,මනස හා ශරීරය යම් යම් කාරනා නිසා නිතරම විදවිමට සිදු වේ. ආත්මය විදවිමට සිදුවන්නේ අපගේ පෙර බවයන් හිදී කරන ලද අකුසල ක්‍රියාන්ගේ ප්‍රථිපලයක් වශයෙනි. මනස පෙර බවයන්හිදී කරන ලද අකුසල ක්‍රියාවන්ට අමතරව මේ භවයේදී කරන ලද ක්‍රියාවන්ද සමග මිශ්‍රව වඩා වැඩි ප්‍රමානයකින් වදවීමට අපට සිදුවේ. මනසේ විදවීමේ ප්‍රමානය වැඩිවන තරමට ශරීරයද විදවන කාරනා හටගනි. මෙවැන් තත්වයක් යටතේ අපට තුන්වැන් ඇසක අවශ්‍යතාවය ඇතිවන්නේ මනස විදවන කාරනා නැතිකර ගැනිමට අවශ්‍ය බුද්ධිය හා දැක්මක් ලබාගැමටය.
අප ජීවිතයට පැමිණෙන ප්‍රශ්න වලදී එයට ලබාගන්නා විසදුම් වල ආකාරය අනුව මනස විදවන කාරනා වෙනස්වේ. නිවැරදි උත්තරයක් ලබාගැනීමට නම් ප්‍රශ්ණය නිවැරදිව හදුනාගත යුතුය. මේ සියල්ලටම පිළිතුරු නිවැරදිව ලබාගැනීමට යහපත් මානසික තත්වයක් පැවතිය යුතුය.
අපගේ මනස  කොතෙක් දුරට යහපත්ද කියන කාරණය මත තමයි අපගේ ප්‍රශ්ණ වලට නිවැරදි පිළිතුරු ලබාගත හැකිවන්නේ.යහපත් මානසික තත්වයක් ඇතිකර ගැනීමට ගන්නා උත්සහයේ අවසන් ප්‍රථිපලය තමයි අපගේ තුන්වෙනි ඇස අපගේ පිහිටට පැමිණෙන්නේ. එනම් අපගේ මානසික ශක්තිය වර්ධනය වී තුන්වෙනි ඇස ක්‍රියාත්මක වෙනවාත් සමගම අපට මානසික සුවය මෙන්ම ප්‍රශ්න වලට ලබාගත හැකි නිවැරදිම පිළිතුර ලබා ගත හැකි වේ.අපගේ ජීවිතයේ ඇති ප්‍රශ්ණ වලට නිවැරදිම පිළිතුර ලැබෙනවා යනු එම ප්‍රශ්ණ වලින් ජයගැනීමයි.
අපි කොහොමද මේ තුන්වෙනි ඇස පුබුදුවා ගන්නේ?.
අප ඉදිරිපත් කරන වීඩියෝ එක මෙකට හොදටම ප්‍රමාණවත්.මෙම ලිපිනයට ගොස් ප්‍රථමයෙන්ම මේ වීඩියෝ දර්ශණය නරඹන්න.
හැබැයි මේ ආරයට ඔබට තනිවම කරගැනීමට ප්‍රථමයෙන් නොහැකි වෙවි. මොකද මේ සදහා උපදෙස් මාලාවක් පිළිපැදිය යුතු වෙනවා. එයේ නොමැතිව තනිවම කරන්න ගියහොත් සමහර විට ඔබ අතර මගදී අමාරුවේ වැටීමට ඉඩකඩ ඇත.හැබැයි ඔබට හරියට කරගන්න පුළුවන් වුවහොත් ඔබගේ මානසික ශක්තිය වර්ධනය වී ජීවිතය සාර්ථක කරගැනීමට මෙන්ම නීරෝගී ජීවතයක අත්දැකීමත් ඔබට අත්පත් කරගැනීමට හැකිවනු ඇත.

ඔබට අපගේ උප කාරය අවශ්‍යනම් සරණ ජ්‍යෙතිෂ සේවා විශ්ව ශක්ති මධ්‍යස්ථානය අමතන්න.ලිපිනය හා දුරකථන අංකය මෙහි සදහන්ව ඇත .
0714438654

Tuesday, June 30, 2015

පැනඩෝල් සහ බෝධි පූජා,සෙත් කවි

පැනඩෝල් සහ බෝධි පූජා,සෙත් කවි
ඔබගේ හදහන බලව ගන්න ජ්‍යොතිර් වේදියා සමහර විට බොහෝ ප්‍රසිද්ධ නිසා ඔබ තෝරාගෙන ඇති. ඔහු ඉතා දක්ෂ පුද්ගලයෙක් කියා ඔබ සිතනු ඇත. සමහර විට ඔහු ගේ හැකියාවන් ගැන තවත් අය සමග කතා කරනවාත් ඇත.
උදාහරණයක් - හදහන බලපු පුද්ගලයා හරිම දක්ෂයෙක් ඔහු  හදහන අයිති කරුගේ ගති ලක්ෂණත් හරියටම බලාගෙන සිටියා වගේ කිව්වා. කේක්දරය දැකපු ගමන් මේ දවස්වල හරිම බාදක මැද තමයි ජීවත් වන්නෙ.ජීවිතය අනූනමයෙන් තමයි බේරිලා තියෙන්නෙ. වටෙටම ඉන්නෙ හතුරො............................. ආදී වශයෙන් හදහන දිහා බලාගෙනම හරියට පේනයක් කියනවා වගේ කිවුවනේ...... මේ තත්වයෙන් මිදෙන්න ඔනනම් හොද සෙත්කවියක් හදල ...........දෙවියන්ට කියන්න. බෝධි පූජා කරන්න. බලු කපුටු දානයක් දෙන්න............................ ආදී වශයෙන් අපල වලින් මිදීමට පිළිවෙත් ක්‍රමත් ඔබට දී ඇති නේද? ගොඩාක් අපල නිසා ගොඩාක් දෙවල් කරන්න.බොහෝ අය එතනට තමයි එන්නේ . මේ වැඩ කරන්න සල්ලී ගොඩක් ගියා............ මේ ආදී වශයෙන් අදාල ජ්‍යොතීර් වේදියා පිළිබදව කියලා ඇති නේද?
ජ්‍යෝතිෂය යනු බුදු හාමුදුරුවන් ඉපදීමටත් බොහෝ කලකට පෙර සිටම පැවත එන දෙයක්. ලංකාව තුල මේ ජ්‍යොතිෂ ක්‍රමය සිංහල බෞද්ධයන්ට ප්‍රචලිත කිරීමට මුල් වූයේ හාමුදුරුවරු හා වෙද මහත්වරුයි. එයට හේතුව තමයි ජ්‍යෙතිෂය ලියවී ඇති ග්‍රන්ථ තිබුනේ සංස්කෘත භෂාවෙන් හා පාලි ආදී ඉන්දියාවෙ බාවිතා වූ භාෂා මුලින්ම ඉගන ගත් අය මේ අය නිසයි. හින්දු ආගම මේ ජ්‍යෝතීෂය අතර ඉතා තද සම්බන්දයක් ඇත.සංස්කෘත භාෂවෙන් ලියවුණු මේ පොත් හැදෑරූ ස්විමීන් වහන්සේලා ග්‍රහ අපල සදහා හින්දු ආගමේ වත් පිළිවෙත් වෙනුවට බුද්ධාගම හා බැදුණු වත්පිළිවෙත් වලට මිනිසුන් හුරු කරන ලදී. එයට හේතුව මිනිසුන් හින්දු ආගමේ ඇති වත් පිළි වෙත් වලින් මුදාගැනීම සදහයි.
නමුත් ග්‍රහ අපල සදහා කළයුතු සැබෑ ශාන්ති කර්ම කරගැනීම සදහා අපේ නායකකාරාදීන් හා මුදල් යහමින් ඇති අය ප්‍රසිද්ධියේ හා හොර රහසේ ඉන්දියාවේ තිරුපති ගිහින් කරගන්නේ මේ ග්‍රහ අපල සදහා කිරීමට අවශ්‍ය සැබෑ ප්‍රථිකර්මයන්ය.
අපි දැනට කරන බෝධි පූජා හොද නැතුවා නොවේ වැඩයට අවශ්‍ය හොදම එකද එය නොවේ. උදාහරණයක් විදියට අපි අසනීපයක් හැදුනු විට අපි මුලින්ම කරන්නේ පැනඩෝල් බොන එකනේ.එයින් සහනයක් නොතිබේනම් අපි වෛද්‍ය ප්‍රතිකාර අනුව වෙනත්. ඖෂද වර්ග පාවිච්චි කර රෝගය සුවකර ගනී. පැනඩෝල් වලින් අප බලාපොරොත්තු වන්නේ ක්ෂනික සහනයකි. රෝගය නිට්ටාවට සුව නොවේ. බෝධි පූජා, සෙත් කවි, කිරීමෙන් මෙන්න මේ පැනඩෝල් වලින් අපට කෙරෙන කාර්යයට සමාන දෙයක් සිදු වේ. එනම් ක්ෂනික විසදුමක් ලැබේ. සැබෑ සහනයක් ලබා ගැනීමටනම් අර වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබාන්නවා වගේ ග්‍රහ අපල සදහාද සැබෑ ක්‍රමවේදයන් බාවිතා කළ යුතුය.
මේ සදහා ඔබගේ හදහන විවිධ මානයන් ඔස්සේ පරීක්ෂා කළ යුතුය. මේ සදහා ගනනය කිරීම් රාශියක් කළ යුකුයි. මේ සදහා සෑහෙන කාලයක් යන දෙයකි.එසේ කිරීමෙන් ලබාගන්නා අවසන් නිගමනය අනුව හරියටම රෝගය හදුනා ගත යුතුයි. මෙය හදහන දිහා බලා ගෙන කීමට කිසිසේත් නොහැකි දෙයකි.
හදහනක් පරීක්ෂා කිරීමෙදී ප්‍රථමයෙන්ම එම හදහන වාර චක්‍ර දෝෂයන් සහිත හදහනක්ද කියා බැලිය යුතුය. ඒ වගේම ප්‍රථමයෙන්ම කාල සර්ප යෝග ,දේව ශාප,බාධක,ශාප, මරණ කාරක..... ආදී වශයෙන් වෙන්වෙන් වශයෙන් පරීක්ෂා කර බැලිය යුතු වේ.
වාර චක්‍ර දෝෂ වලට පිළියම් වශයෙත් එම දෝශ ඇතිකරන ග්‍රහයින්ට අදාල උපාය ග්‍රහයින් ශාන්ත කළ යුතු වේ.
එනම් එම ග්‍රහයින්ට අදාල දේවත්වයන් ට නමස්කාර කළ යුතුයත
උදාහරණයක් වශයෙන් - වාරචක්‍ර දෝශ යට අදාල ග්‍රහයින් ගේ උපාය ග්‍රහයා රාහුනම් - තමසි(දුර්ගා)ට නමස්කාර කළ යුතුයි.
දුර්ගාට නමස්කාර කිරීමේදී අගහරුවාදා දිනක රාහු කාලයේ පහනක් තබා අදාල ප්‍රාර්තනය කළ යුතුය.
දුර්ගාට පහනක් තැබීමේ දී දෙහි බාගයක් කණපිට හරවා ගිතෙල් දමා නිරිත දිශාවට දල්වා ප්‍රාර්තනය කරන්න. මෙය දක්ෂ ජ්‍යෝතිෂ වේදියෙකුගේ උපදෙස් මත ඔබට තනිවම කරගත හැකි කාර්යයකි.
මීට අමතරව මා සදහන් කරුණු වලට ඒඒ ගුහයින්ට අදාල දේවත්වයන් නමස්කාර කර ප්‍රාර්තනා කිරීමෙන් ඔබගේ ග්‍රහ අපල වලට අදාල නියම ප්‍රතිකාර හරහා සැබෑ සහනය ලබාගත හැතිය.

Sunday, June 14, 2015

සරණ ජ්‍යොතිෂ සේවය:     ජ්‍යොතිෂය මගින් කියවෙන පුද්ගල ඉරනම හා බුදුදහම          ...

     ජ්‍යොතිෂය මගින් කියවෙන පුද්ගල ඉරනම හා                                   බුදුදහම




මිනිසා යන සත්වයා විවිධ දාර්ශනික හා ආගමික මතවාදයන්ට අනුරූපව මිනිසා යන ප්‍රපන්චයක් වශයෙන් පෙන්වා දිය හැකිය. මෙම අති සංකීර්ණ ප්‍රපන්චය ක්‍රියාත්මක වන ආකාරය සැළකිල්ලට ගැනීමේ දී එය ස්වාභාවික මානසික ක්‍රියාවලීන් සමුදායක් තුළින් මෙහෙයවන භෞතික ශරීරයකින් සමන්විත වන බව දැක ගත හැකිය.
භෞතික වශයෙන් මිනිසා ඉන්ද්‍රිය පද්ධතියක එකතුවක් වශයෙන් ගත හැකිය. එය විශ්ලේෂණය කිරීමේ දී  පමණක් වෙන් වෙන් වශයෙන් පවතියි. එසේ නොමැති අවස්ථාවන්හි දීඔහු හෝ ඇය පුද්ගලයෙක් වශයෙන් හඳුනාගත හැකි භෞතික ශරීරයකින් පෙනී සිටියි.
භෞතික ශරීරයේ ක්‍රියාකාරීත්වය මානසික ක්‍රියාකාරීත්වය මත සිදුවෙයි. මානසික ක්‍රියාකාරීත්වයෙන් භෞතික ශරීරය අත් මිදුන විටක දී නැතහොත් භෞතිකයෙන් මානසිකත්වය විසන්ධි වීමක් සිදුවන විටක දී භෞතික ශරීරය ක්‍රියා විරහිත වෙයි.
මෙම තත්වය ආගමික පැහැදිලි කිරීමක දී දෙවියන් වහන්සේ  නම් වූ පුද්ගලයෙකුගේ බාහිර මැදිහත්වීමක් වශයෙන් අර්ථ නිරූපණය කර ඇති වබ දැකගත හැකිය. බෞද්ධ විග්‍රහයට අනුව පුද්ගලයෙකු හෝ සත්වයෙකු  වශයෙන් ගත හැකි දෙයක් නැති බව කියවේ. නමුත් සම්මතය තුළ මිනිසා , පුද්ගලයා සහ සත්වයා යන ව්‍යවහාරය ක්‍රියාත්මක බව බුද්ධ දේශනාව තුළින් කරුණු පැහැදිලි කර ගත හැකිය.
බෞද්ධ විග්‍රහයට අනුව මිනිසා ,පුද්ගලයා සහ සත්වයා ට සිදුවන මෙම බාහිර මැදිහත්කරණය වශයෙන් අවස්ථා 5 ක් උපයෝජනය වන බව පෙන්වා දී ඇත. එය නියාම ධර්ම වශයෙන් ක්‍රියාත්මක වන බව පැහැදිළි කර ඇත.
1.     බීජ - වෘක්ෂලතාදියෙහි පැවැත්ම
2.     සෘතු - කාලගුණික තත්වයන්ගේ බලබෑම
3.     චිත්ත - මිනිස් මනස
4.     කම්ම - මිනිස් මනසේ ක්‍රියාකාරීත්වය
5.     ධම්ම - ඇතිවීම,පැවතීම, නැතිවීම,ලොක පාලන ධර්මතාවන්,ලෝකයේ සහ  එහි පවතින චක්‍රීය ස්වභාවය තුළ නිර්නායක. 

මෙම ලෝක ධර්මතාවන් අවස්ථා 8ක ක්‍රියාත්මක වෙයි. ලාභ,අලාභ,යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප, දුක් වශයෙන් ක්‍රයාත්මක වෙයි. මෙහිලා සෘතු හා බීජ අවස්ථා දෙකට අමතරව තවත් අවස්තා තුනක් ක්‍රයාත්මක වෙයි. එනම් චිත්ත, කම්ම, සහ ධම්ම යන අවස්ථා තුනයි.

මෙයින්ද චිත්ත සහ කම්ම යන අවස්තා දෙක වඩාත් ගැඹුරින් පැහැදිළි කිරීමකට ලක්කර ඇත. මේ තත්වය බුද්දක නිකායේ කාණ්ඩ 15න් එකක් වන ධම්ම පදයේ චිත්ත වග්ගය තුළින් දැකගත හැකිය.

ජ්‍යෙතිෂය මගින් කර්මයේ දෛවය ,චර්යා සහ ආවේගයන්ගේ ගති සංකලන මනාව පැහැදිළි කරගත හැකිවේ. පුද්ගල ජීවිතයේ මානසික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් කර්මය සහ කර්ම ඵලය යන අවස්ථා දෙකෙහි වංචක ධර්මතාවෙන් යුතුව මතුවන කර්ම ඵලයේ ආධිපත්‍යට, ග්‍රහනයට පුද්ගලයා ගොදුරුවන ආකාරය දක්ෂ ජ්‍යොතීර්වේදියෙකුට මනාව පැහැදිලි කර දීමට හැකියාව ඇත.

පුද්ගලයා, සත්වයා යන ප්‍රපංචය කෙරෙහි බලපාන දෛවය නැතහොත් ඉරනම යන්න වෙනත් කිසිවක් නොව, පුද්ගලයා විසින්ම කරන ලද චේතනාත්මක ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය වශයෙන් පෙන්වා දිය හැකිය. පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්, ඇවතුම්, පැවතුම්, භවගාමී චර්යා සහ පුද්ගල ජීවිතය හා බද්ධ සෑම කරුණක්ම එහිලා ජ්‍යොතීෂය මගින් පැහැදිළි කර ගත හැකි සේම අවබෝධ කර ගත හැකිය.

පුද්ගලයාට බලපාන ඉරණම ක්‍රියාත්මක වන අවස්ථාවකදී එම ඉරණම කවර ආකාරයේ එකක් ද යන්න විමසා බැලිය යුතුය. පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් වෙයි.එහි පුද්ගල අනන්‍යතාවයක් දැකගත හැකිය. ජ්‍යොතිෂයේ එක් පැතිකඩක් ලෙස මේ පුද්ගල ඉරණම පෙන්වා දිය හැකිය.

පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් පුදුගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එය භවගාමී චර්යාවක් ලෙසින් පුද්ගලයාට ක්‍රියාත්මක වීමේ දී භව අන්තර කාලය නැතහොත් භවාන්තරය නැමති තිමිරයෙන්, අදුරෙන් වැසී පැවතීම හේතුවෙන් වර්තමාන පුද්ගලයාට සිය පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම දැක ගත හැකිය.

නමුත් ජ්‍යෙතිෂය මගින භවගාමී චර්යාවක් ලෙසින් පුද්ගලයාට ක්‍රියාත්මක වන මෙම පුද්ගල ඇගයුම්, චින්තන රටා, සිතුම් පැතුම්, ඇවතුම්, පැවතුම්, ආදියෙහි පූර්ව කර්ම පථයේ විපාක ධාරාව විකේතන ක්‍රියාවකට ලක කොට පූර්ව කර්ම පථයේ ස්වභාවය දැක ගත හැකිය.

පුද්ගල පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම විකේතන ක්‍රියාවලියක් මගින්පරීක්ෂාවට ලක් කළ යුත්තේ ඇයි ද? යන ප්‍රශ්නය වැදගත් එකකි. පටිච්ච සමුප්පන්න ආර්ය සත්‍යය තුළ දැකගත හැකි ද්වා දස හේතු ප්‍රත්‍යයන් අවිද්‍යාව නැමති මෙම චක්‍රෙය් ස්වභාවය නොදැක හිදීම වටා චක්‍රයකආකාරයෙන් ක්‍රයාත්මක වෙයි. අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා වඤ්ඤාණං, ...තන්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති,  ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සංභවන්තී..., මෙම තත්වය තේරුම්ගත යුත්තේ ඇයි ද? යන ප්‍රශ්නය නැතහෙත් විකේතන ක්‍රියාවලියක් මගින පුද්ගල පූර්ව කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම පරීක්ෂා කළ යුත්තේ ඇයි ද? යන ප්‍රශ්නයට නිවැරදිම පිළිතුර වශයෙන් මෙම තත්වය පෙන්වාදිය හැකිය.

හුදු ජීවන පලාපල කථනයකට පමණක් ජ්‍යොතීෂය සීමා කර තැබීම අප අනුමත නොකරමු.මෙයට හේතුවනම් පුද්ගල කර්ම පථයේ විපාක ධාරාවේ ගලා ඒම පරීක්ෂා කළ යුත්තේ ඉරණම ලියවී ඇති ආකාරය බලාගැනීම සදහා පමණක් නොවේ. අතීතයට ගොස් අතීතයේ අපට කරගත නොහැකි වූ දේ සහ අපට වැරදුන තැන් සකසා ගැනීමේ ප්‍රධාන අපේක්ෂාවෙනි.

අප ඔබට ආරාධනා කරනුයේ  ජ්‍යොතීෂය ඇසුරුකොට පුද්ගල කර්ම පථයේ විපාක ධාරිවේ ගලා ඒම පරීක්ෂාවට ලක්කර ගන්නා ලෙසයි

           

Saturday, May 23, 2015

ඉපැරණි බෙහෙත් වට්ටෝරු කිපයක්


        ඉපැරණි බෙහෙත් වට්ටෝරු කිපයක්                       (උපුටා ගැනීම -සිඩෞෂධ ලක්ෂය වටිනා ප්‍රණජීව පුස්තකය)




 වඳ සත්‍රීන්ට දරුවන් ලැබීම පිණිස නියමකොට තිබෙන ඖෂධයෝ නම් -
                   සමූල පත්‍රං සර්තාක්ෂි රවි වාරෙ සමුඬරෙත්
                   එක ර්ණාගවාක්ෂි රෛඃ කන්‍යාහස්තෙන පෙසයෙත්

                    සෘතු කාලේපි බෙ චන්ඩා ජලාර්ධ තත් දිනෙ දිනෙ
                    ක්ෂිරසාල්‍යන් නම්ද්ගච ලග්වාහාරං ප්‍රදාපයෙත්

* හිරු දවස්හි ඔලිද වැලේ සහ මුල් එක පාට එලදෙනෙකුගේ කිරෙන් කන්‍යා ස්ත්‍රියකු අතින් අඹරවාගෙන වඳ ස්ත්‍රී තොම සෘතු ගෙණ සිටි එය දවස අඩ පලමක් බැගින් බොන්නෙයි නොහොත් පලම බැගින් බෙන්නෙයි නියමව තිබෙන හෙයින් ශරීරය බලා දෙනු මැන.

ඔහුට කෑමට කිරිද . ඇල් සහලේ බත්ද . මුන්ද යන සැහැල්ලු ආහාර දෙන්නේය මෙ පරිද්දෙන් සත් දවසක් කන්නෙයි. මෙසේ කල කල්හි වඳ ස්ත්‍රී තොමෝ ගර්භිනී වෙයි. තැති ගැනීම් . භය සෝක වීමද දවල් නිදිද වැලැක්වි යුතුයි. කිසිම කර්මාන්තයක්  නොකර විමද යුත්තේය. දෙවෙනි මාසයහිත් පෙර කලා වූ ක්‍රියාවන් මෙන් කරවන්නේය. මෙසේ කල ස්ත්‍රිය හට ස්වාමියාගේ හක්වීමෙන් දරු ගැබ ලැබෙයි. මේ ඖෂධ ක්‍රියාව ගැන විචාරීමෙන් කම් නැත . ඒකාන්ත සත්‍යය යනු අභිප්‍රායි.

* එකම රුද්‍රාක්ෂ පලයක්ද ඔලිඳද තුන් කලඳක් ගෙන පෙර සේම එල කිරෙන් සෘතුගෙන සිටි කල්හි දෙන්නෙයි. ඕහට මහ ගනෙස්වර මන්ත්‍රයෙන් බෙහෙත් මතුරා දීම සහ ආරක්ෂාබැඳීමත් යුතුයි මෙසේ සත් දිනක් මේ ඖෂධය කරව කල්හි වඳ ස්ත්‍රී තොම පුත්‍රිනි වෙයි හෙවත් දරුවන් ලබයි.
මන්ත්‍රය - දදං මහ ගණපති රක්ෂාම ම්‍රතං දෙහී.(මේ මන්ත්‍රය ආචාර්ය වරයන් කරා පැමිණ සම්පූර්ණ කට යුතුයි.)

          පිරිමින් විසින් ස්ත්‍රීන් සතුටු කරවන බෙහෙත් ක්‍රමයි.
බලෙන් නාරි පරිතොස මෙනී
න හීන වීර්යය කුතොපි සෞඛ්‍යං

අතො බලාර්තිං සුරකප්ප්‍රියස්‍ය
වාජිං විධානං ප්‍රථමං තවිද්‍යාත්

පුරුෂයන්ගේ ශරීර බලය කරණකොට ගෙණ ස්ත්‍රී තොම සතුටු වෙයි. හීන වීර්ය ඇත්තා හට කිසි තැනෙක සැපයක් නැත්තේය. ඉක්බිති ස්ත්‍රී සංයෝගෙහි ප්‍රියවූවා හට සරීර බල වැඩීම පිණිස වාජීකරණ විධිය පළමුකොට දක්වන්නෙයි.
සස්වින්‍යාවට මන්දාකං සිරෛපිත්වා මහා බලං
නරශවටක ගචෙජචජ තධා මෛථූනාර්තනඃ

* අස්විද නැකතින් ගන්නා ලද නුග පිලිලය එල කිරෙන් පානය කොට ලබන ලද මහා බල ඇති මනුෂ්‍ය තෙම ගේ කුරුල්ලෙක් මෙන් මෛථූනය පිණිස සියක් වර නමුත් යන්නේය.

*පුසේ නැකතින් උදුරාගන්නා ලද එලවරා මුල් හෝ සාතාවාරිය හෝ එලකිරන් බොන්නෙයි එකල්හි වුර්ධයා තරුණයා වෙයි.

* කිරිබදු අල චූර්ණය එම  ස්වරයෙන් අව්වේ තබා භාවිතා කොට ගෙන මී පැණි ගිතෙල් මිශ්‍ර කොට ලෙහ කිරීමෙන් පිලිවෙලින් ස්ත්‍රීන් දස දෙනෙක් කරා යයි. හෙවත් යාමට පොහොසත් වෙයි.

*කිරිබදු අල කල්කය ගිතෙල් එලකිරි දෙකින් අට්ටික්කා ගෙඩියක් පමණ අනුභව කරනු . ඒ මනුෂ්‍ය තෙමේ වුර්ධ උනත් තරුණ පුරුෂයෙක් සමානයි.
බෝ ගෙඩිද එම මුල් පොතු ද යන මෙයින් කිරි මී පැණි සහිතව බීකල ගේ කුරුල්ලකු මෙන් දකිනු ලැබේ.

ලිංග වීර්ය්‍යකරණයට නියමකල සියලු බෙහෙත් මෙහි පහත සදහන් කරන මන්ත්‍රයෙන් මතුරා යොදනු
මන්ත්‍රය - ඕං නමේ භගවතේ උංමරෙස්වරාය සරසරප්‍ර සරප්‍රසර කුරු කුරු ස්වාහා ටඃ ටඃ

* කතුරුමුරුංගා කොල යුෂද මිපැණිද ගිතෙල්ද යන තුන් වර්ගය සමව ගෙන එයින් පුස්කර අඹරා ලේපය කොට සුරතියෙහි යෙදුනකල ස්ත්‍රීන් තෘප්තියකට පැමිණේ.

* නියඟලා අලයක් වතුනේ අඹරා අතේ ගාගෙන  අත ඇල්ලූ කල ස්ත්‍රීන් තෘප්තියට පැමිණෙයි.
මෙම මන්ත්‍රය මැතිරීමෙන් සාර්තකත්වය වැඩි වේ.

මන්තුය - ඕන් නමෝ භගවතේ රුද්‍රාය උං ඌං මහෙස්වරාය ද්‍රාවය ස්ත්‍රි නමාං මදං පාතයපාතය ස්ත්‍රීනාමං මදං පාතයපාතය ස්වාහා ටඃ ටඃ

* ඌරු තෙල් මි පැණි දෙක එකට කළවම් කර එයින් ලිංග ලේපය කරනු මෙසේ මාසයක් රෑ දවල් දෙකේ නොකඩවා කලේ වී නම් ලිංග වීර්ය්‍ය කරයි.තවද ස්ථූලත්වද දීර්ග වෙයි.

* බින්තල් අල පිටි සහ තල පිටි  එකට යොදා අනුභව කරනු එයින්ද ලිංග වීර්ය්‍ය වැඩේ.

                                         ලිංග ශක්තිය වර්ධනය කරන  
                                 ශ්‍රීමත් මදනමෝදකය.
 ඇට සහිත කන්සා කොල ගිතෙලින් බැද කුඩු කොට තබා ඉගුරු, ගම්මිරිස් ,තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කර්කටක සිංගි, කොට්ටන්, කොත්තමල්ලි, සහිඳලුණු, හිගුරුපියලිය, තලිසපතුරු, ඇත්දෙමටමුලේ පොතු, නාමල් රේනු, අසමොදගන, වැල්මී උළුහාල් සුදු දුරු, කළු දූරු, යන මේවා එක සමානව ගෙන ඒ සියලු  බරට ඉහතින් කුඩුකොට තැබූ කංසාද ඒ බරට සූකිරි ද කංස සහ අනිත් බෙහෙත් චූර්ණර සූකිරි ඇල්වතුරෙන් දියකර ලිප තබා හැකි පමන ඝනවූ විට ලිපෙන් බාගෙන චූර්ණ කල බෙහෙත් සියල්ල ඊට මිශ්‍රකර ගිතෙල් මී පැණි සමග අනා කලන් එකහමාර පමණට ගුලි ගනු. තවද චූර්ණ කරනලද එන්සාල්, කුරුදු පොතු,කොල්ලන් කොල, කපුරු යන මේවා මිශ්‍රකර ගිතෙල් මිශ්‍ර බදුනක අහුරා උදය හවස එලකිරි සමග අනුභව කරනුතප්‍රමේහ 20ටදඉක්මනින් ධාතු පහවීම යනාදී ශරීර දුබල කමටද,ස්වප්ත මොචනය ආදී ධාතු හිනකරන අසනීප වලටද,හිතීම් යනාදියෙන් හෝ කථාකිරීම හැසිරීම යනාදියෙන් ධාතු චලනය වීමටද යනාදී නොයෙකුත් රොග සංසිදයි. කෑම කන්නට පුළුවන් වී ශරීරය පුෂ්ටිමත් කරයිත මේ සියළු ප්‍රමේහ රෝග වලටද ධාතු ශක්තිය පුෂ්ටිමත් වීමටද, මුත්‍ර ගායටද, ස්ත්‍රී යෞවනයටද, ශරීර බල වැඩීමටද, ඉතාම ප්‍රත්‍යක්ෂ ඖෂධය නම් ශ්‍රීමත් මදනමෝදකයම වෙයි....




Saturday, September 20, 2014

                 SARANA ASTROLOGY
            සරණ ජ්‍යොතිෂ සේවය සහ මංගල සේවය

ජ්‍යෝතිෂවේදී (පඨශාල්‍යාචාර්ය) එස්.ඩබ්.ලියනගේ.......T.P - 0714438654,........ E-Mail :-swliyanage@gmail.com

අපගේ නවතම වෙබ් අඩවියටමෙතනින්පිවිසෙන්න

Friday, September 19, 2014

                                          SARANA ASTROLOGY
            සරණ ජ්‍යොතිෂ සේවය සහ මංගල සේවය

ජ්‍යෝතිෂවේදී (පඨශාල්‍යාචාර්ය) එස්.ඩබ්.ලියනගේ.......T.P - 0714438654,........ E-Mail :-swliyanage@gmail.com

අපගේ නවතම වෙබ් අඩවියටමෙතනින්පිවිසෙන්න

http://saranaastrology.orgfree.com/
මනාලයන්